හෙළ පරපුර

Latest

විජයාගමනයට පෙර හෙළ ශිෂ්ඨාචාරය.

විජයාගමනය සිංහලයාගේ ආරම්භය බව පෙන්වීම සදහා බොහෝ දෙනා විවිධ උත්සාහ ගත් අතර විජයා‍ගමනයට පෙර ලංකාවේ ජනාවාස තිබූ බව පිළිගන්නට ඔව්න් අකැමැති පිරිසක් විය. නමුත් එම සියළු මතවාදයන් සත්‍යයෙන් තොර වූවක් බව සනාත වන්නාවූ ප්‍රභල සාධක කිහිපයක් පසුගිය කාළයේ සිදුකෙරුණු පුරාවිද්‍යා කැණීම් තුළින් සොයාගන්නට හැකි වී ඇත.

මෙය අනුරාධපුරයේ ඇතුළුනුවර කරන ලද කැණීම් වලීන් මතුකරගන්නා ලද ප්‍රාග් අනුරාධපුර යුගයට අයත් නටබුන් වන අතර මෙය දැනට පවතින අනුරාධපුර නගරයට අඩි තිහක් පමණ ගැඹුරින් පිහිටා ඇති අතර ක්‍රි:පූර්‍ව 800 ත් 1000 ත් අතර යුගයට අයත් බව සැලකෙන අතර මෙය විශාල වෙළෙද මධ්‍යස්ථානයක නටබුන් බව පුරා විද්‍යාඥයින් සදහන් කරයි.

උපුටා ගැනීම මනෝජ් කොළඹගේ.

අනගාරික ධර්මපාලතුමන්​​ගේ ජීවන චරිතය

කීර්තිමත් වෙළෙඳ ව්‍යාපාරිකයකු වූ බෞද්ධ කටයුතු පිළිබඳ දැඩි කැපවීමකින් කටයුතු කළ සමාජ සේවක මාතර හිත්තැටියේ දොන් කරෝලිස් හේවාවිතාරණ මුදලිතුමා සහ මල්ලිකා හේවාවිතාරණ දෙපළට 1864 සැප්තැම්බර් 17 දින උපන් මේ පින්වත් කුමරා ඩේවිඩ් යන නාමයෙන් හැදුණේ වැඩුණේ, පසු කළ එම අපර නාමයෙන් බැහැරව ධර්මපාල නාමයෙන් හැඳින්වෙමින් “ශ්‍රී මත් අනගාරික ධර්මපාල” නමින් ලෝකප‍්‍රකට ශ්‍රේෂ්ට නායකයා වූයේ ය.

පිටකොටුවේ ශාන්ත මේරි, කොටහේනේ ශාන්ත බෙඩනඩික්ට්, මෝදර ශාන්ත තෝමස් ආදී විදුහල් තුළින් අධ්‍යාපනය ලබමින් කිතු දහම පිළිබඳව මනා අවබෝධයක් ලැබීය. සෙනසුරාදා දිනයන්හි කොටහේනේ දීපදුත්තාරාමයට ගොස් වාදීහසිංහ මොහොට්ටිවත්තේ ගුණානන්ද ඛ්ඹ්මිපාණන්ගේ ව්‍යක්ත දේශනවලට සවන් දෙමින් කිතු දහමත් බුදු දහමත් අතර වෙනස මැනවින් තේරුම් ගත්තේ ය.

පිටකොටුවේ පුස්තකාලයෙන් සිය දැනුම පුළුල් කර ගත් ඔහු අනුන්ට නොකළ හැකි දේ කරන්නට අනුන් නොයන මඟ යන්නට තැත් කළ එඩිතර තරුණයකු විය. ඉංගී‍්‍රසි භාෂාව ප‍්‍රගුණ කළ ඩේවිඩ්, රජයේ ලිපිකරුවකු බවට පත් ව කටයුතු කළේ ටික කලකින් සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය තකා කටයුතු කිරීමේ අවශ්‍යතාව සිය මවුපියනට ලියා යවමින් රැකියාව ද අත් හරිමින් ධර්මපාල යන නාමය ගනිමින් ලෝකසත්වයාගේ යහපත සඳහා සිය ජීවිතය කැප කළේ ය.

වර්ෂ 1880 මැයි 17 වන දින එතුමන්ට ජීවිතයේ වැදගත් දිනයක් වූයේ එතුමාගේ ගමන්මග හා දැඩිව බැඳුණු සෙන්පති ඕල්කට් තුමා හා බිලැට්මිස්කි මැතිනිය ගාලු වරායෙන් ලංකාවට සම්ප‍්‍රාප්ත වීමය.

ඕල්කට්තුමා බෞද්ධාගමික ප‍්‍රබෝධය පිණිස රටපුරා කළ සංචාරයේ දී ඔහුගේ ඉංගී‍්‍රසි කථා සිංහලට පරිවර්තනය කිරීමේ කාර්යට ඉදිරිපත් වූයේ ඩේවිඩ් හේවාවිතාරණ තරුණයා ය.

බුද්ධගයා ශුද්ධ භූමිය හින්දුන් විසින් අත්පත් කොට බුදු රූ ඇතුළු බෞද්ධ වස්තූන්ට කළ හානිය, නිග‍්‍රහය ධර්මපාලතුමා තුළ සංවේගය උපදවන්නක් විය.

1891 මාර්තු 18 දින කල්කටාවට පැමිණි බුරුම බෞද්ධයන් බුද්ධගයාව බේරා ගැනීමට පොළඹවා ගනු පිණිස එතුමා බුරුමය බලා පිටත් විය. 1891 මැයි 31 විද්‍යෝදය පිරිවෙණේ බුද්ධ ගයා මහා බෝධි සමාගම ඇරඹුයේ බුද්ධගයාව බේරා ගැනීමේ ජාත්‍යන්තර උත්ඝෝෂණයක් ඇරැඹීමට ය. 1891 ජූලි 17 බුද්ධගයා ධර්මදූත සේවයේ නායකයා ලෙස ඉන්දියාවට ගොස් එහි බුද්ධගයා ජාත්‍යන්තර බෞද්ධ සාකච්ඡාවක් කැඳවීය. කල්කටා මහා බෝධි සමාගම ඇරැඹූ එතුමා 1891 මැයි මස මහාබෝධි සඟරාව, ඇරැඹීය. ලොව තවත් රටවල මහා බෝධි සමාගම් ද පිහිටුවීය. 1893 සැප්තැම්බර් මස චිකාගෝ නුවර ජගත් දෘෂ්ටි සම්මේලනයට සහභාගිව කළ දේශනය අපරදිග බුද්ධිමතුන්ගේ සිත් සතන් බුදුසමය වෙත නැඹුරු කරවීය. නොයෙක් රටවල සංචාරය කළ එතුමා ජපානයේ දී මහත් හරසරින් පිළිගන්නා ලද්දේ පස්වසරක්ම එහි ධර්ම ප‍්‍රචාරයේ නියැලුණේ ය. ලක්දිව පුරා සංචාරය කරමින් සිංහල බෞද්ධයන් පුබුදු කළ එතුමා නිදා සිටි සිංහලයාගේ, බෞද්ධයාගේ ආත්ම ශක්ති අවදි කිරීම අතිශය වැදගත් කරුණක් විය. 1915 සිංහල මුස්ලිම් අරගලය නිසා වූ නොසන්සුන් වාතාවරණය ධර්මපාලතුමාගේ ධර්ම ප‍්‍රචාරක කටයුතු වලට බාධාවක් විය.

1906 ඇරැඹුණු “සිංහල බෞද්ධයා” පත‍්‍රය ද මෙකල නතර විය. 1915 ජූනි මාසයේ දී එතුමා කල්කටාවේ දී සිරභාරයට ගන්නා ලදී. 1922 දී යළි සිංහල බෞද්ධයා ඇරැඹුණු අතර, ලංකාවේ බෞද්ධයන් නගා සිටුවමින් ජාතික, ආගමික, සාමාජික, සංස්කෘතික ප‍්‍රබෝධයට ඇප කැපවෙමින් පුරෝගාමී වූයේ ය. 1931 දී අවසන් වරට ලංකාවෙන් පිටවී ගිය එතුමා 1931 ජූලි 13 දින බරණැස ඉසිපතනාරාමයේ දී බෝරුක්හමුවේ සිරිරේවත හිමියන් වෙතින් සිරිදේවමිත්ත ධම්මපාල යන නමින් පැවිදි බිමට පත්ව 1932 දී උපසම්පදාව ද ලැබීය. 1933 වන විට ශරීර ශක්තිය දුර්වල නමුත් බුද්ධගයාව බේරා ගැනීමේ කටයුතු පිළිබඳව කි‍්‍රයා කළේ ය. 1933 අපෙ‍්‍ර්ල් 29 දා මේ ශ්‍රේෂ්ඨ පුද්ගලයා මෙලොවින් තුරන්වූයේ තථාගත ධර්මය ලොව ප‍්‍රචලිත ඛ්ලම සඳහා මතු යළි උපදින්නෙමිය යන උත්තරීතර අදහස ද ඇතිව ය.

කල්කටාවේ අග‍්‍රවිනිශ්චකාර ශ්‍රීමත් මහ්මථනාථ මුඛර්ජි මහතා ධර්මපාල තුමාගේ ධර්ම ප‍්‍රචාර සේවාව ධර්මාශෝක රජුගේ ධර්ම ප‍්‍රචාර සේවයට පමණක් දෙවැනි යැයි සඳහන් කරයි.

සමාජය සකස් කරන්නට ධර්මපාල තුමා මුළු රටපුරාම ගියේ ය. “රහමෙර පානය කරන්න එපා ගෙරි මස් කන්න එපා” කියමින් රට පුරා යමින් ජන හදවත් අවදි කළ එතුමා “ගොන්තඩියා, වල් බූරුවා” වැනි ආමන්ත‍්‍රණ යෙදුවේ හුදෙක් මිනිසුන් ගැන කරුණාව නිසාම ය. යුරෝපීයයන්ට බියෙන් මුළුගැන්වුණු සිංහල ගැමියා තුළ තිබූ එම බිය තුරන් කිරීමට ධර්මපාල තුමා උපක‍්‍රමශීලීව කටයුතු කළේ ය. මත්පැන් පානයෙන් රට විනාශ වී යෑම ගැන රටවැසියන්ට දැඩි ලෙස අවවාද දුන් එතුමා සුරා යකාගෙන් මේ පින්වත් දිවයින බේරා ගත යුතු යැයි හඬ නැංවීය.

අන්ධ ලෙස බටහිර අනුකරණය කිරීම ගැන සිංහලයන්ට දොස් පැවරූ එතුමා ජාතික සිරිත් විරිත් වල අගය පෙන්වාදුන්නේ ය. ඇඳුම්, පැළඳුම්, චාරිත‍්‍ර, වාරිත‍්‍ර, කෑම බීම මේ ආදී සෑම කරුණක් ගැනම පෙන්වා දුන්නේ ය. ජාතියක් ලෙස නැඟී සිටීමට අවශ්‍ය දේශීය කර්මාන්ත ව්‍යාපාර ගැන පැවසූ එතුමා විවිධ කර්මාන්ත පුහුණුව සඳහා සිංහලයන් ජපානයට පිටත් කරලීය. පේෂ කර්මාන්තය ආදී කර්මාන්ත ඇරැඹීමට එතුමා මුල් විය. ජාතික අර්ථකථනයක් ගොඩ නඟා නැගීමට එතුමා මහත් සේ දායක විය.

එතුමාගේ සටන අංශ රැසක් කරා පැතිර ගියේ ය. ආගමික අංශය එහිදී ඉහළින්ම කැපී පෙනිණි. අධ්‍යාපනය ලැබීමේ උවමනාව ජාතිකත්වය අධිරාජ්‍ය විරෝධී ආකල්ප ඒ අතර ප‍්‍රමුඛ විය. අදට වඩා බෙහෙවින් වෙනස් වූ යුගයක එතුමා තම අදහස් කි‍්‍රයාත්මක කරන්නට පුදුමාකාර ප‍්‍රයත්නයක් දැරී ය. දූරදර්ශී විචක්ෂණ නුවණින් කි‍්‍රයා කළ මේ උදාරතර ශ්‍රේෂ්ට සිංහලයා, නොවන්නට අද දඹදිව බෞද්ධ උරුමය ලොවටම අහිමි වනු නියත ය. ධර්මාපාපතුමාගේ මහත් වූ සේවය අගැයීමට එය පමණක් වුවද සෑහේ. සිංහල ජනතාවට, ශ්‍රී ලාංකික ජනතාවට පමණක් නොව ලෝක ජනතාවට අත්‍යුදාර මෙහෙයක් ඉටු කළ මෙම ශ්‍රී ලාංකික යුග පුරුෂයා ලෝක බෞද්ධ ජනතාවටම සේවය කළ ශ්‍රේෂ්ඨ පුද්ගලයකු ලෙස සැලකිය හැකි ය.

(මෙම සටහන Wikipedia වලින් ගන්නා ලදී.)

සිංහලයාගේ උපත සොයා අතීතයට ගියෙමි – 01

සිංහලයාගේ ආරම්භය පිළිබදව ප්‍රධාන මත කිහිපයක් දක්නට ඇත. එම අදහස් සියල්ල එකට කැටි කළ විට ප්‍රධාන වශයෙන් සිංහලයාගේ උපත පිළිබදව මත දෙකක්

  1. උතුරු ඉන්දියාවෙන් ලංකාවට සංක්‍රමණය වූ බව
  2. ස්වදේශිය යක්ෂ, දේව, නාග, රාක්ෂ යන්හි එකතුවක් බව

මෙයින් වඩාත් ප්‍රසිද්ධ වී ඇත්තේ ඉන්දියාවේ සිංහ වංශය ලංකාවට පැමිණ සිංහල වූවා යන මතයයි.
උතුරු ඉන්දියාවෙන් සිංහලයාගේ උපත සිදුවූවා යන මතය පිළිබදව, මූලාස රැසක් අපවෙත දක්නට ඇත. ඒ අතර ප්‍රධාන ලෙස දීප වංශය, සමන්තපාසාදිකාව, දිව්‍යාවදානය, මහා භාරතය ආදී ග්‍රන්ථ සහ දේශ ගවේශකයන්ගේ වාර්තාද වැදගත් වේ.

සිංහයාගෙන් ආරම්භ වි -> සිංහබාහු -> විජය ->පණ්ඩුවාසු දේව – අභය
සිංහල නම් වෙළෙන්දා ->සිංහල දේශය

ලංකාව තුළ ජනප්‍රිය මතය වන මෙහි මා හට පෙනෙන ආකාරයටනම් එය එතරම් පිළිගත හැකි වැදගත් අදහසක් නොවන බවයි . මොකද දැනට සොයාගෙන ඇති පුරා විද්‍යාත්මක සාධක වලට අනුවත් මහා වංශය , මහා භාරතය ආදී ඉතිහාස ග්‍රන්ථ වලට අනුවද විජයගේ ආක්‍රමණයට පෙර ලංකාවේ දියුණු ශිෂ්ටාචාරයක් පැවති බවටත් සාක්ෂි ඉතිහාස සිදුවීම් සියුම්ව අධ්‍යනයේදී අනන්තවත් සොයාගත හැකිය.

මහා වංශය තුළින්ම සොයාගත හැකි කරුණු රැසකි.

  • කුවේණි නම් වූ යක්ෂ නායිකාව ඇයට සේවිකාවන් සිටි බව (ඇගේ නම සීස පාටිකා බව කාම්බෝජ මහා වංශයේ සදහන්ව ඇත.)
  • විලි වසාගැනීමේ අවශ්‍යතාවයට පමණක්ම සීමා නොවූ රෙදි කර්මාන්තය දියුණුව පැවතීම.
  • දියුණු නගර – සීර්ශවස්තු නමැති යක්ෂ පුරය, ලංකා නගරය
  • නගරාන්තර විවාහ සබදතා සිදුවීම, ආදී වශයෙන් කරුණු රැසකි.

එසේම දැනට සිදුවී ඇති පුරා විද්‍යාත්මක පර්යේෂණ තුළින් විජයගේ පැමිණීමටත් පෙර එනම් ක්‍රී.පූ 6 වෙනි සියවසට පෙර යුගයට අයත්වන දියුණු නගරයක් (එය දකුණු ආසියාවේ ප්‍රධාන වෙළද මධ්‍යස්ථානයක් ව පැවති බවට සාක්ෂි ලැබී ඇත) අනුරාධපුර ඇතුළුනුවර කැණීම් වලින් සොයාගෙන ඇත.

පසුගිය දිනවල තිස්සමහාරාමයෙන්ද කි.පු 6 සියවසට ‍පෙර යුගයට අයත් දියුණු නාගරික ලක්ෂණ සහිත නගර සංකීර්ණයක නටබුන් හමුවී ඇති බවත් දැනගන්නට ලැබිණ. මේ ආදී ලෙස බලන කල නම් සිංහලයාගේ උපත අප දන්නා සිංහබාහු විජය පරපුරෙන් නම් නොවන බවට මට සහතික විය හැකිය.

හෙලදිව ශිෂ්ඨාචාරය – සිංහල වෙදකම

හෙළදිව ශිෂ්ටාචාරය – සිංහල වෙදකම

“සිංහල වෙදකම” වචනෙනම් බොහොම සරලයි. ඒත් සිංහල වෙදකම අපිට පෙනෙන තරම් සරල නැහැ,

“සිංහල වෙදකමේ ආරම්භය අපි හිතන තරම් ළග පාතකනැහැ. හිමාලයේ ඍෂිවරු ආයුර්වේදය ලොවට හදුන්වා දුන්නේ මීට අවුරුදු 7000 දහසකට පමණ පෙරය. ඒ ආසන්න කාලයේ තමයි අපේ සිංහල වෙදකමේ ආරම්භය සිදුවන්නේ. මොකද ඔය කාලයේ තමයි සුර – අසුර යුද්ධය ඉන්දියාවත් ලංකාවත් අතර සිදුවන්නේ. ඔක තමයි අපේ අය පිළිගන්න අකමැති ඇත්ත. “සිංහල වෙදකම” ගැන අපට පැහැදිලි මූලාශ්‍ර හමුවන්නේ ඊට පසුකාලයකදීය

ඒ රාවණ රාජ සමය තුළදීය. රාවණ යනු “සිංහල වෙදකමේ විශේෂඥයෙක්” බව ඉතිහාසයේ සදහන් වේ. මෙ පිළිබදව මනෝ වෛද්‍ය මහාචාර්‍ය විජය දිසානායක මහතා මෙසේ කරුණු දක්වා ඇත.

“සංස්කෘත භාෂාවෙන් නොයෙකුත් සම්භාව්‍ය ආයුර්වේද ග්‍රන්ථ කළ පුද්ගලයා මොහු බැව් සමහරු පවසති.

ඔහුගේයයි කියනු ලබන කෘතීන්ගෙන් 4 ක් ප්‍රසිද්ධියට පත්ව ඇත.

1. ලාදුරු ඇතුළු නොයෙක් රෝගයන්ට සහ බලවත් ඖෂධ වට්ටෝරු දහසක් අඩංගු “කුමාර තන්ත්‍රය”

2. නාධි ශාස්ත්‍රයට අනුව රෝග නිශ්චය කල හැකි ආකාරය පිළිබද ලියවුණ “නාඩි ප්‍රකාශයත්”

ඔහු අතින් ලියවුණ බව සදහන් වේ.

3. එසේම “අර්ක ප්‍රකාශයේ” පරිච්ඡේද අවසන් වන්නේ පහත වැකියෙනි.

“ලංකාධිපති රාවණ විසින් ප්‍රබන්ධ කරන ලද සර්ග සියයක් මෙසේ අවසන්වෙයි”

4. මෙහුගේ අනිත් වෛද්‍ය ග්‍රන්ථය වන්නේ මෝහන ප්‍රතිකාරය හා ගුප්ත විද්‍යාවන් පිළිබදව ලියවී ඇති “ උද්දීය තන්ත්‍රය” වෙයි.

“ධන්වත්තරීගේ ප්‍රධානත්වයෙන් පුලස්ති, නාරද, සහ අසිත යන මුනිවරුන්ගේ සහාය ඇතිව රාවණ නරදේවයන් හිමාලයෙහි පවත්වන ලද ආයුර්වේද සම්මන්ත්‍රණයකට ද සහභාගි වූ බව සදහන් වී ඇත.. . . . . . . . ”

හිතාගන්නත් අමාරුයි නේද, මෙය දැනගත්ත පළමු අවස්ථාවේ මමත් පුදුමඋනා, අවුරුදු දහස් ගණනක් පැරණි ශිෂ්ටාචාරයක හෙලයාගේ වෛද්‍ය විද්‍යාව පිළිබද සාක්ෂි හමුවීම.

මේ ගැන මනෝ වෛද්‍ය මහාචාර්‍ය විජය දිසානායක මහතා මෙසේ සදහන් කරයි.

“රාවණ අති ප්‍රාඥ විශිෂ්ට වෛද්‍ය වරයකු, මනෝ වෛද්‍යවරයකු සහ ශ්‍රී ලංකාවේ ප්‍රථම වෛද්‍ය මණ්ඩලයේ සභාපතිවරයා ලෙසද පෙන්වා දී ඇත”.

අදින් අවුරුදු 2000 කටත් පෙර ලංකාවේ දරු ප්‍රසූතිකාගාර තිබුණායැයි නූතන අපට සිතන්නට පුළුවන්ද, මහාවංසයේ පැහැදිලිවම සටහන්වෙනවා උන්මාදචිත්‍රාව දරු ප්‍රසූතිය සදහා ප්‍රසූතිකාගාරයට ඇතුළු වූ බව.

“කාලය පැමිණි කල්හි චිත්‍රා කුමරි ප්‍රසවය සදහා වැදුම් ගෙටද ඇතුළු වූවාය”

මින් පෙනෙන්නේ ශිෂ්ටාචාරයක උපරිම සභ්‍යත්වයකට සිංහලයා මීට වසරදහස් ගණනකට පෙර ලගාවි ඇතිබව නොවේද?

මේ අයුරින් පරම්පරාවෙන් පරම්පරාවට පෝෂණය වූ සිංහල වෙදකම මහින්දාගමනයෙන් පසුව ඉන්දියාවෙන් පැමිණි වෛද්‍ය ශ්‍රාස්ත්‍ර සමග සම් මිශ්‍රණය වී ඇත. මේ නිසා පුරාණ සිංහලවෛද්‍යවරුන් සාම්ප්‍රදායික වෙදකමත්,

ඉන්දියාවෙන් පැමිණි වෛද්‍ය ශ්‍රාස්ත්‍රයන් සහ බුදු දහමේ ආභාසයද එකට මුසු කර සිංහල වෙදකම පිළිබදව “මහා සම්ප්‍රදායක්” ගොඩනගන්නට ඇත. මෙම මහා සමුප්‍රදාය තුළ සෞඛ්‍ය සංරක්ෂණ ක්‍රමයන් සදහා මූලිකත්වය දෙන්නට ඇත. ඒ වගේම වෙදකම එක් පංතියකට හෝ කුලයකට සිමාවීමක් හෙල ශිෂ්ටාචාරය තුළ දැකගත නොහැක. එය පාලකයාගේ සිට පහළ සමාජය දක්වා ගමන් ගමන්නේ නිරායාසයෙන්මය. ඒ බව සද්ධර්මාලංකාරයේ සදහන් පහත පුවතින් දැකගත හැක.

“කාවන්තිස්ස රජු විහාරමහා දේවිය සමග තිස්සමහා වෙහෙරට ගොස් ගිලනුන් වහන්සේට බෙහෙත් පිළියෙල කරමින්. . . . . . . . . . ”

සිංහල වෙදකම පිළිබද වැදගත් මූලාශ්‍ර රැසක් හමුවන්නේ ක්‍රි‍‍:ව 341-370 අතර කාලයේදී ලංකාවේ රජ කල බුද්ධදාස රජුගේ කාලයේදීය. මෙතුමාගේ වෛද්‍ය දැනුම සහ සුවකරන ලද ලෙඩරෝග පිළිබදව සදහන් කරන්නට ගියහෝත් මෙම ලිපිය ලියානිමකිරීමට මා හට දින දෙකතුනක්වත් ගතවෙනු නියතය. මෙනිසා කෙටියෙන් සදහන් කරතොත් වාත රෝග, ලාදුරු ආදී සුවකිරිමට අපහසු රෝගයන්ටද, මානසික රෝගීන්ටද ඉතා සාර්ථකව වෙදකම් කල මෙතුමා විසින් කරන ලද සැත්කම් වල ස්වභාවය නිසා විශේෂඥ ශල්‍ය‍‍වෛද්‍ය වරයෙක් ලෙසද හැදින්විය හැකිය. මින්සුන්ට පමණක් නොව සතුන්ටද වෙදකම් කරතිබීමෙන් පෙනීයන්නේ හෙල වෙදකම කෙතරම් දුරට සංවිධානය වී තිබුණාද යන්නයි.

මෙතුමා විසින් රචනාකර ඇති “සාරාර්ථ සංග්‍රහය” නම් වෛද්‍ය ග්‍රන්ථය තුළින් අදට වසර 2000 කට පෙර තිබූ සිංහලයාගේ වෛද්‍ය දැනුමේ තරම සිතාගත හැකිය.

බුද්ධදාස රජු සාමාන්‍ය ජනතාවගේත් අවට පරිසරයේ ජිවත් වන සතුන්ගේ සෞඛය ආරක්ෂාව සදහා ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරුන් යොදවා ඇති අතර එම වෛද්‍යවරුන්ට වැටුප් සදහා ගම් 10 ක ආදායම යොදවාඇති බවත් වංසකථාවල සදහන් වේ.

මින් පෙනෙන්නේ සිංහලයාගේ සැගවුණු ශිෂ්ටාචාරයේ සභ්‍යත්‍වයයි. මෙතුමා ඖෂධ සහ ශෛල්‍ය උපකරණ ගෙන මහ මග සැරිසරමින් රෝගීන්ට වෙදකම් කළ රජෙක් ලෙස ජනප්‍රවාදයේ සදහන් වේ.

සෞඛ්‍ය සංරක්ෂණ ක්‍රම ගොඩනැගීම පාලකයන්ගේ අනිවාර්ය රාජකාරියක් ලෙස දැකිය හැක.

මෙ නිසා නගර වල ගම් වල වෙදහල් පිහිටුවීම පිළිබද සාක්ෂි ඉතිහාසය තුළ අනන්තවත් හමුවේ.

උපතිස්ස රජු ගැබිනි මව්වරුන්ට, අන්ධයින්ට බෙහෙත් ශාලාද, දන්ත ශාලාවක්ද ඉදිකරවූ බවත් චූල වංශයේ සදහන් වේ.

2 වන සේන රජු, 5 කාශ්‍යප මේ ආදී වශයෙන් සැම පාලකයකුම මෙ සදහා විශේෂ උනන්දුවක් දක්වා ඇති බව පැහැදිලිය.

සිංහල වෙදකම ගැන කතාකරනවිට පරාක්‍රමබාහු රජසමයද ඉතා වැදගත් වේ.

මෙතුමාගේ චරපුරුෂ සේවයේ යෙදවූ අය අතර ගම් නියම් ගම් සැරිසරමින් විවිධ රෝග වලට පිළියම් කළ වෛද්‍යවරුද වී ඇත.

රජතුමා සියගණන් රෝගීන්ගේ වයසට සුදුසු වූ මහා වෛද්‍යශාලාවක් නගරයේ තනවා එහි සියලු උපභෝග පරිභෝග වස්තු තැභවූ බව සදහන් වේ. එසේම සියලු රෝගීන්ට දිවා රෑ දෙකෙහි අවශ්‍ය බෙහෙත් වර්ග ආහාර පාන සපයා ඒවා පිළිබද කටයුතු කිරීමට දැසි දස්සන් යෙදවූ බව සදහන් වේ.

පෝය හතරටම පෙහෙවස් සමාදන් වූ පරාක්‍රමබාහු රජු අමාත්‍යවරුන් සමග රෝහල් වලට ගොස් රෝග විනිශ්චයේ සහ ප්‍රතිකාර ක්‍රමයේ යෙදුණු බව මහාවංසයේ 73 පරිච්ඡේදයේ සදහන් වේ.

වෙද්‍ය මණ්ඩලයේ ප්‍රධානියා “මහ වෙදනා” නමින් හදුන්වාඇත. රෝහල්වල සිටින සෑම රෝගියෙකුටම සේවිකාවක් බැගින් වූ බව සදහන් වේ.

මේ අපි කතාකරන්නේ ඇමෙරිකාවේවත්, එංගලන්තයේවත්, ඉන්දියාවේවත්, සිදුවෙච්ච දෙයක් ගැන නෙමෙයි. මේ කතාකරන්නේ හදිසියකට තුවාලයකටවත් දාන්න බෙහෙත් නැතිවෙන, ඒත් ඇදවල් යටත් නිදාගන්න පොරකන තරම් ලෙඩ්ඩු ඉන්න, තමන් ළගට බේත්ගන්න එන ස්ත්‍රිය දූෂණය කරලා බැල්කනියෙන් පහළට තල්ලුකරනත්, තම පංතියේ එවුන් කරන හොද නරක දෙකම සාධාරණීය කිරීමට ඕනෑම මොහොතක ලෙඩ්ඩු බිල්ලට දීලා වැඩවර්ජනය කරන්නට සැදීපැහැදී සිටින වෛද්‍යවරු ඉන්න මේ ශ්‍රී ලංකාවේම අතීතයේ සිදුවු වෛද්‍ය සංරක්ෂණය පිළිබදවයි.

මහා පැරකුම්බා රාජ සමය දේශිය වෛද්‍ය ක්‍රමය සෑම අංශයකින්ම දියුණුව පෙන්වන යුගයක් බව මහාචාර්ය සෙනරත් පරණවිතානයන් ගේ අදහසයි. මෙයට හේතු වන්නේ මහා පැරකුම්බා රජු විසින් කරන ලද විදේශ ආක්‍රමණ වලදී යොදාගන්නා ලද වෛද්‍ය ශිල්ප ක්‍රම නිසාවෙනි. ලංකාවෙන් රාමඤ්ඤ දේශයට යැවූ යුද්ධ සේනාව සමග තියුණු බුද්ධිය ඇති වෙදුන්ද, හෙදියන්ද, සාත්තු කිරීම සදහා දැසි දස්සන්ද ගිය බවත් ඉතා දරුණු විෂ පෙවූ ඊතල වලින් ඇතිවන තියුණු වන සුව කිරිමට අවශය බෙහෙත් රැගෙන ගිය බවද සදහන් වීමෙන් පෙනි යන්නේ එකල දේශිය වෙදකම මනාව සංවිධානය වූවක් බවය. මෙසේ හෙල ශිෂ්ටාචාරය පුරාවට ගොඩනැගුණු සිංහල වෙදකම සෑම විටකම පොදු ජනයාගේ ආරක්ෂාව වෙනුවෙන්, නිරෝගී භාවය වෙනුවෙන් කටයුතු කරන්නට විය.

මේ බව ‍ඓතිහාසික සාධක තුළින් පැහැදිලි වෙනවා. පණ්ඩුකාභය රජුගේ නගර සංවර්ධන සැලැසුම තුළ කැළි කසළ ඉවත් කිරීමට සැඩොල් කුලයේ අය 200 කුද, මෟත ශරීර ඉවත්කිරිමට සහ සොහොන් බිම් මුර කිරිම සදහා තවත් 250 ක්ද යෙදවූ බව සදහන්වේ.

මීට සමකාලිනව භාරතයේද මීට සමාන සෞඛ්‍ය සංරක්ෂණ ක්‍රම භාවිතා වී ඇති බව පැහැදිලිය.

“යමෙක් වීදියට කුණු කසළ දමයිද ඔහු කාසි අටෙන් එකක දඩයකට යටත් වේ. එසේම වීදියකට කසළ හෝ ජලය රැස්වන්නට හැරියහොත් ඔහු කාසි ¼ ක දඩයකට යටත් වේ යැයිද. . . ” ආදී වශයෙන් පනවන ලද මේ නිති ජනතාවගේ සෞඛ්‍ය සංරක්ෂණය උදෙසා යොදාගන්නට ඇත.

සිංහල වෙදකම පිළිබදව කථා කරන විට එහි වර්ධනයට බුදු දහමින් ලද දායකත්වයද ඉතා වැදගත් වේ. බුදු දහම තුළ සෞඛ්‍යට ඉතා වැදගත් තැනක් ලබා දෙන අතරම සෞඛ්‍ය සංරක්ෂණ කටයුතු වලදී මනා පිළිවෙළක්ද අපේක්ෂා කරන ලදී. විනය පිටකයේ ඖෂධ ඛණ්ඩකයේ මේ පිළිබදව සදහන් වේ.

බුදු දහම තුළ ‍ලෙඩුන්ට උවැටැන් කරන්නන් සතුවිය යුතු මූලික ගුණාංගයන් කිහිපයක් අංගුත්තර නිකායේ ගිලාන වග්ගයේ දක්වා ඇත.

01. බෙහෙත් නියම කිරීමට හැකිවීම

02. ලෙඩාට ඒ ඒ අවස්ථාවේ දිය යුත්තේ කුමක්ද නොදිය යුත්තේ කුමක්ද නිශ්චිතලෙස දැනගැනීමට හැකිවීම.

03. තණ්හාව නොව හුදු දයාව, කරුණාව පෙරටු කොට ගෙන සේවය කිරීම.

04. රෝගියාගේ මළ මුත්‍ර ආදිය ඉවත් කිරීමේදි පිළිකුලි සහගත නොවීම.

05. වරින් වර රෝගියාට අවශ්‍ය ආගමික අවවාද අනුශාසනා කිරීම.

සිංහල වෙදකමේ හැටියට නිරෝගිභව නැති වීමට බලපාන කරුණු විවිධාකාරය’ පිටතින් පැමිණෙන යක්ෂ, භූත ආදීහු ශරීරයට පිවිසීම’ වා, පිත්, සෙම් යන තුන්දොස් කිපීම’තමන්ට බලපාන ග්‍රහයන්ගේ අනිෂ්ට විපාක’ යන්ත්‍ර මන්ත්‍ර ආදියෙන් සිදුවන ප්‍රතිඵල’පෙර කර්මයෙන් සිදුවන දේආදී වශයෙන් බොහෝ කරුණු මෙයට අදාළ වේ. මේ නිසා වෛද්‍ය වරයා, ණක්ස්‍රත්‍ර කරුවා යන තිදෙනාගේම කාර්යන් සිංහලයාට වැදගත් විය.

ඒ වගේම ප්‍රතිකාර සදහා ඒඒ රෝග වලට විශේෂඥයන්ද ගම්වල ජීවත්ව ඇත. සර්වාංග වෙදකම, කැඩුම් බිදුම් වෙදකම, වන, ගෙඩි, පිළිකා වෙදකම, විදුම් පිළිස්සීම් උපයෝගී කොටගෙන කෙරෙන වෙදකම, අලි වෙදකම, හරක් වෙදකම ආදී වශයෙන් සාම්ප්‍රදායික වෛද්‍ය ශ්‍රාස්ත්‍රය සෑම ගමකම ස්ථාපනය වී තිබිණ.

මෙය ඔව්න් ලබන පුහුණුව අනුවද වර්ගීකරණයකට ලක්කිරීම පහසුය.

ගමේ වෙද මහත්තයා

වට්ටෝරු වෛද්‍ය වරයා

භූත වෛද්‍ය වරයා

පාරම් පරික වෛද්‍ය වරයා මෙ ආදී වශයෙන් සිංහල ජන සමාජය වෛද්‍ය වරයාගේ විශේෂඥ භාවයට වැඩි තැනක් ලබා දී ඇති බව පෙනේ.

සිංහල වෛද්‍ය ක්‍රමයට විශේෂිත වූ ප්‍රතිකාර ක්‍රම රැසක් අදත් ශේෂව පවති. ඒ අතර

සර්ප විෂ වෙදකම, අලර්ක (ජල බිතීකා) විෂ වෙදකම, ඇස් වෙදකම, ගෙඩි වෙදකම, කැඩුම් බිදුම් වෙදකම, කෞමාරබෘත්‍යය(ළදරු රෝග) වෙද කම ආදිය ඉන් ස්වල්පයකි.

සිංහල වෙදකමේදී යොදාගන්නා ඖෂධ සංයෝග නුතනයේත් නොමැති තරම්ය. ගුලි, කල්ක, චූර්ණ, ලේහ, ආලේප, කායන්, කසාය, අරිෂ්ට, ආසව, තෛල, ආදී ලෙස රැසකි. නාධි ශ්‍රාස්ත්‍රය තුළින් ‍රෝග විනිශ්චය කිරීමද දේශීය වෛද්‍ය ක්‍රමයේ විශේෂ ක්‍රමයක් ලෙස පෙන්වා දිය හැකිය.

එසේම නිල අල්ලා රෝග සුව කිරීම බටහිර වෛද්‍ය විද්‍යාවට අදද සොයාගත නොහැකි වී ඇත. මෙහිදී සිරෝ රෝග, වාත රෝග, චක්ඛු (ඇස්)රෝග ආදියට සිරුරේ නිල තෙරපීම මගින් ප්‍රතිකාර කරනු ලබයි. මෙ ආදී වශයෙන් සිංහලයා හෙල ශිෂ්ටාචාරය ගොඩනැගීමේදී නීරෝගී භාවය උදෙසා තමන්ටම අනන්‍ය වූ වෛද්‍ය ක්‍රමයක් ගෙඩනගාගත් අතර ඔව්න් එහි ප්‍රතිපත්තින් තම ජීවිතයත් සමග මුසුකරගෙන නිරෝගී ජිවිතයක් ගතකරන්නට ඇත.

නමුත් අද එම සියල්ල අමතක කරදමා නූතන තාක්ෂණයේ පිහිට සොයන්නට ගොස්, නූතන තාක්ෂණය විසින් සියල්ල කරදෙන තෙක් බලාසිටීම නිසා ඔබත් මමත් සියල්ලෝම සදාකාලික රෝගීන් වී ඇත. මේ අයුරින් අතිත සිංහල ජාතිය වෛද්‍ය සංරක්ෂණ ක්‍රම භාවිත කරමින් ඉතා නිරෝගි ජිවිතයක් ගතකර ඇතිමුත් අද සිංහලයා දන්න කියන සියලුම බෙහෙත් වර්ග බීලත් හැමදාම ලෙඩින්,

සිංහලයන් කෙතරම් නිරෝගි ජාතියක්ද කිවහොත් සමකාලීන යුරෝපීය ශිෂ්ටාචාරයන් පුදුමයට පත්කර ඇති බවට සාක්ෂි අනන්තවත් දක්නට ඇත.

මිට අවුරුදු දෙදහසකට(2000) පෙර ලතින් බසින් ලියැවුණු “ ඩී මොරිබස් බ්රැක් මැනෝරම්” නැමැති පොතේ සිංහලයාගේ නිරෝගිකම පිළිබදව සදහන්වන්නේ මෙසේය.

“ලංකාවේ වැසියන් “මැක්‍රෝබයි’ යන නමින් හදුන්වනු ලැබූහයි ‘ස්කොලැවිස්කාස්’ නම්වූ තීබ්ස්හි පඩිවරයකුගෙන් තමාට අසන්නට ලැබිණු බවත් එම නම ඔව්න්ට ලැබි ඇත්තේ, එරට දේශගුණයේ සුබදායක බව නිසා එහි වැසියන්ගේ ආයු කාලය අවුරුදු 150 ක් පමණ වන බැවිනි. ”

“අම්බ්‍රෝස්’ නැමැති ලේඛකයෙකු විසින් ලියා ඇති ඉහත වාර්තාව තුළින් පෙනේන්නේ එදා ලංකාවේ මින්සුන් කොතරම් නිරෝගීව ජීවත් වන්නට ඇද්දැයි කියා නොවේද?

ක්‍රි:පුර්‍ව 1 සියවසේ සිසිලියානු ජාතික “දියෝදරස් සිකියුලස්” නම් ඉතිහාසඥයා සිංහලයා පිළිබදව වාර්තාකර ඇත්තේ මෙසේය,

“මෙරට වැසියෝ දීර්ඝායු වළදිති. ඔව්න්ට ලෙඩදුක් අඩුය.. . . . . . . . . . ”

ලෝක ඉතිහාසය තුළ සිංහලයා පිළිබදව සදහන් වන්නේ එලෙසිනි.

අද සිංහලයෝ සිතන්නේ ලොව තිබෙන හොදම ක්‍රමය තියෙන්නේ යුරෝපය ඇතුළු බටහිර රටවල කියාය. එසේ සිතා සිංහලයා තමා පාරම්පරිකව ගෙනා සිංහල වෙදකම සම්පූර්ණයෙන්ම අමතකකර දමා ඇත. බටහිර වෛද්‍යක්‍රමය නරකනැත. නූතන සමාජය තුළ ඇති චින්තන රටාවට හා තාවකාලික ජීවිතවලට අනුව එය හොදය, නමුත් අප කළයුත්තේ සිංහල බෙහෙත් වට්ටෝරු කුණු කූඩයට දැමීම නොව, එම බෙහෙත් වට්ටෝරු නුතන තාක්ෂණය සමග මුසු කළ යුතුයි, එවිට බටහිර ඇලොපති, හෝමියෝපති ක්‍රම වලට වඩා උසස් වෛද්‍ය ක්‍රමයක් පෙරදිගින් සොයාගත හැකිවෙවි.

උපුටා ගැනීම මනෝජ් කොළඹගේ.

සංස්කෘතික උරුමයන් පිළිබද ලිපි එකතුවක්

අප විසින් මෙහි ඔබට ලබා දී ඈති සබැදුම  (Link) භාවිත කොට අපූරැ ඉසව්වක් කරා ගමන් කළ හැක. මෙය Facebook  නම් වෙබ් අඩවියට ​​Madhawa Udithapriya Wijesekara නම් සොයුරා විසින් එකතු කරන ලද ලිපි පෙළකි.

ඉතිහාසමය හා සංස්කෘතිකමය තොරතුරැ රැගත් මෙම ලිපි පෙළ පැරණි උරැමයන්ගේ මනහර ඡායාරෑපයන්ගෙන්ද සමන්විතය.

පුරාවිදු අවධානය යොමුවිය යුතු නටබුන්,
අලුතින් සොයා ගන්නා ලද උරැමයන්
විහාරස්ථානයන්හි ඉතිහාසගත තොරතුරැ
නිධන් වස්තු කොල්ලකෑම්

ආදී මෙම විශයට සම්භන්ධ වර්ගයේ සියලු විස්තර මෙහි ඈතුලත්ය.

Save Buddhist Heritages in Sri Lanka

කැප්පෙටිපොළ මහ නිලමේ

මීට පුරා වසර 191 කට පෙරාතුව ස්‌වකීය ජන්ම භූමියත්, සම්බුද්ධ ශාසනයත් ආරක්‌ෂා කර ගැනීමේ පරම පිවිතුරු ෙච්තනාවෙන් අධිරාජ්‍යවාදීන්ට එරෙහිව අභීතවත් ලෙස නැඟී සිට තම ජීවිත පරිත්‍යාගයෙන් යුතුව ක්‍රියා කළ වීර මොනරවිල කැප්පෙටිපොළ මහ නිලමේ අනුස්‌මරණය කිරීම සෑම ශ්‍රී ලාංකිකයෙකුගේම යුතුකමක්‌ වේ.

Read the rest of this page »

ඉබ්බන්කටුව ඓතිහාසික සොහොන

ශ්‍රී ලංකාවේ ප්‍රෙෘඩ ඉතිහාසය විදහා දක්‌වන ස්‌ථාන අතර දෙස්‌ විදෙස්‌ සංචාරක ඇස හරි හැටි නොගැටුණු ස්‌ථානද ගණනාවක්‌ තිබේ.

ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය තුළ පිහිටි ඉබ්බන්කටුව ඓතිහාසික සුසාන භූමිය එවන් ස්‌ථානයකි.

දඹුල්ලේ සිට කුරුණෑගල කරා දිවෙන මහා මාර්ගයේ කුරුණෑගල දෙසට කිලෝ මීටර් එකහමාරක්‌ පමණ ගොස්‌ දකුණු පසින් ඇති ගුරු පාරේ මීටර් 500 ක්‌ පමණ දුරක්‌ ගිය විට මෙගලිතික යුගයට අයත් මෙම ඓතිහාසික සුසාන භූමිය හමුවේ. Read the rest of this page »

මලියදේව මහරහතන් වහන්සේට සෙවණ දුන් පදවිගම්පළ ශිලා මඤ්චය

බොරලැස්ගමුව මහා විද්‍යාලයේ එම්. නිලන්ති මානෙල් ප්‍රනාන්දු

සබරගමු පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන සිට වයඹ දිසාවෙන් පිහිටි සුන්දර ගම්මානයක් වන්නේ පදවිය ගම්පොළ හෙවත් පදවිගම්පළයි. කිණිගොඩ කෝරළයේ වල්ගම්පත්තුව දැලිවල වසමට අයත් වූ මෙම සුන්දර ගම්මානය ලක්දිව පුරා පසිඳු වූයේ එහිපිහිටි ශෛලමය ගෘහ නිර්මාණයක් හේතුවෙනි. ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් යැයි සැලකෙන මනරම් වූ ශිලා මඤ්චය එම අගනා නිර්මාණය යි.

රඹුක්කන, වල්ගම බස් මාර්ගයේ දෙවන සැතපුම් කණුව පසුකර යාර කිහිපයක් ගිය විට වම්පසින් හමුවන කොරහැත්ත – දඹුල්ල පාරේ සැතපුමක් පමණ ගමන් කළ විට මාර්ගයේ වම්පසින් මෙම ‘පදවිගම්පොළ ශිලා මඤ්චය’ හමුවේ. Read the rest of this page »

කිවුලේගෙදර පුංචි අලුත්බණ්‌ඩාර

පුලතිසිපුරයේ පහළ වූ මහ පැරකුම්බා රජුගේ පුරෝහිතයා ලෙස කටයුතු කළ කේවේසස්‌ථාන බණ්‌ඩාර සෘෂිතුමා කිවුලේ ගෙදර පරපුරේ ආදිතමයා ලෙස සලකනු ලබන අතර මෙතුමා රාවණා රජුගේ පුත්‍ර උපේන්ද්‍ර මිණි මණ්‌ඨක යුවරජුට දාව උපත ලැබීය. පසු කලෙක කේවේසස්‌ථාන රජු ලෙස කිරුළු පළඳින ලදී.

Read the rest of this page »

හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක හාමුදුරුවෝ

විද්‍යෝදය පාරිවෙණික ශිෂ්‍ය සංගමයේ ප්‍රධාන ලේකම් අම්බලන්ගොඩ  සුමේධානන්ද හිමි

ශ්‍රී සුමංගල සමය මෙකල පවත්නා ශාස්ත්‍රීය දියුණුවේ මූලාරම්භයයි. මේ රටේ තිබුණු පැරැණි ග්‍රන්ථ සියල්ලක්ම පුස්කොළ පොත්ය. ඒවායේ පිටපත් තිබුණේ ස්වල්පයකි. මෙකල ප්‍රථමයෙන්ම කළ යුතු ශාස්ත්‍රීය සේවය වූයේ පුස්කොල පොත්වල තිබුණු ධර්ම ශාස්ත්‍රීය ග්‍රන්ථ මුද්‍රණය කරවීමයි. පසුව පුස්කොල පොත්වලට සන්න, ගැටපද, ව්‍යාඛ්‍යා ප්‍රදීපිකා, ටීකා ආදිය ලිවීමෙන් ඒ සේවය වඩාත් උසස් ලෙස සිදුකර ඒ යුගයේ සුමංගල මාහිමියෝ බාලාවතාරයට සුබෝධිනී ටීකාව සැපයීම , සිදත් සඟරා සන්නය, බ්‍රාහ්මණ ධර්මකාව්‍ය , කාව්‍යශේඛර සන්නස ආදී වැදගත් ග්‍රන්ථ රාශියකට සන්න සැපයූහ. මෙතුමන්ගේ සෙසු කෘති අතර වාර්ණරීතිය, මාසර්තු ලක්‍ෂණ, සත්‍ය සංග්‍රහය , සන්ධි ග්‍රහය, සීමා විභාගය, ආඛ්‍යාත ව්‍යාඛ්‍යාව ආදිය මේ යුගයේ සුමංගල මාහිමියන් එළිදැක්වූ ග්‍රන්ථ ය. Read the rest of this page »

Follow

Get every new post delivered to your Inbox.