හෙළ පරපුර

විශ්වයේ පැවැත්ම බුදු ඇසින් දුටු අයුරු

රණාල අමාදහම් අරෙණ් වැල්ලම්පිටියේ විනයවංස හිමි

විශ්වය යනු දුක මත පිහිටි දෙයක් බව බුදුන් වහන්සේ පැවසූහ. ‘දුක්ඛ් ලෝකෝ පතිට්ඨිතො’ ලෝකය සම්පූර්ණෙයන්ම පවතින්නේ චලනය වීම මතයි. ‘විවට්ටට්ඨායි’ යනුවෙන් ලෝකය සකස් වන යුගය

හඳුන්වනු ලැබේ. ‘විවට්ට’ යුගය යනු ලෝකය විකාශනය වී සංවර්ධනය වී ඇති යුගය යි. ‘සංවට්ටට්ඨායි’ යුගයේ දී සමහර ලෝක විනාශයට පත් වෙනවා.

බුදුරජාණන් වහන්සේ රෝහිතස්ස සූතෙය් දී රෝහිත දිව්‍ය පුත්‍රයාට දේශනා කර සිටින්නේ කිසිම දිනක මේ විශ්වයේ කෙළවරක් දැකීමට නොහැකි අතර, යම් ‍කෙනකුට ලෝකය දැකීමට අවශ්‍ය

නම් බඹයක් පමණ වූ මේ ශරීරය තුළම එය දැකිය හැකි බවයි. ලෝකයත්, ලෝකයේ ඇති වීමත්, ලෝකයේ නැවැත්මත්, ලෝකය නැවැත්වීමේ මාර්ගයත්, මේ බඹයක් පමණ වූ ශරීරය තුළම දැකගත හැකි යි යනුවෙනි.

විශ්වය සාමාන්‍ය නුවණින් විස්තර කළ නොහැකි ය. බුදුන් වහන්සේ ලෝකය යනුවෙන් නිර්වචනය කරන ලද්දේ ‘ලුජ්ජති පලුජ්ජතී’ තිලෝකෝ’ යනුවෙනි. එනම් කැ‍ඩෙන – බිදෙන ස්වභාවෙයන් පත්වන දේ ලෝකයයි, යනු යි.

විද්‍යාඥයින් විසින් පිටසක්වළ යනුවෙන් හඳුන්වන්නේ මේ විශ්වයමයි. බටහිර නවීන විද්‍යාවට බුදුරදුන් දෙසූ විස්තර ගෝචර වී නොමැත. බුදුරජාණන් වහන්සේ විසින් මේ පිළිබඳ ඉතා පැහැදිලි හා ගැඹුරු විග්‍රහයක් ඉදිරිපත් කරනවා. විශේෂයෙන් සමහර විෂය පිළිබඳ අනවශ්‍ය ලෙස නොසිතන ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. ඒවා නම් ලෝක විෂය, ධ්‍යාන විෂය, බුද්ධ විෂය හා කර්ම විෂය හා සෘද්ධි විෂය යි.

එසේම, බුදුරජාණන් වහන්සේ රෝහිතස්ස සූත්‍රයේ දී රෝහිත දිව්‍ය පුත්‍රයාට දේශනා කර සිටින්නේ කිසිම දිනක මේ විශ්වයේ කෙළවරක් දැකීමට නොහැකි අතර, යම් කෙනකුට ලෝකය දැකීමට අවශ්‍යනම් බඹයක් පමණ වූ මේ ශරීරය තුළම එය දැකිය හැකි බවයි. ලෝකයත්, ලෝකෙය් ඇති වීමත්, ලෝකෙයේ නැවැත්මත්, ලෝකය නැවැත්වීමේ මාර්ගයත්, මේ බඹයක් පමණ වූ ශරීරය තුළම දැකගත හැකි යි යනුවෙනි.

චින්තා සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ, ලෝකය ගැන හිතන්නට ගොස් පිස්සු හැදුණු මිනිසකු පිළිබඳව යි. සුබග නම් පුද්ගලයා ගං තෙරක් ළඟ ඉඳෙගන ලෝකය පිළිබඳ හිතමින් සිටී. කවදාවත් දකින්නට නොලැබුණු අමුතුම ජීවීන් කොටසක් පැමිණ නෙළුම් කොළයක් යට සැඟෙවන අයුරු සුබගට දකින්නට ලැබෙනවා. ඔහු හිතනවා තමන්ට පිස්සු නිසා තමා මේ වෙගේ දර්ශන දුටු බව. අනික් පිරිසට මේ ප්‍රවෘත්තිය ප්‍රකාශ කරද්දී ‘උඹට පිස්සු නිසා වෙන්නැති’ යනුවෙන් කීමට ඔවුහු පළෙඹති. බුදුන් වහන්සේට මේ ප්‍රවෘත්තිය අසන්නට ලැබෙනවා. ඉන්පසුව බුදුන් වහන්සේ ‘මහෙණනි යැයි අමතා, ‘මේ මිනිසා කියන්නේ ඇත්ත. පිටසක්වළ ජීවත්වන සුර – අසුරයන් අතර යුද්ධයකින් අසුරයන් පැරැදී නෙළුම් කොළය යට සැඟවුණු බව සත්‍යයකි. අද වුණත් බොහෝ විට ආලෝක සහ වෙනත් ජීවීන් පැමිණි බවට එක් එක් මත ප්‍රකාශ වෙනවා. ඒවා සම්පූර්ණෙයන් අසත්‍යයැයි බැහැර කළ නොහැකියි.

එවැනි දේ සාමාන්‍ය මනුෂ්‍යයන්ට ගෝචර නොවන නිසා විස්මිත ස්වභාවයට පත්වනවා. එනිසා බුදුන් වහන්සේ දේශනා කරන්නේ චතුරාර්ය සත්‍ය ගැනම සිතන ලෙසයි. විශ්වය යනු දුක මත පිහිටි දෙයක් බව බුදුන් වහන්සේ පැවසූහ. ‘දුක්ඛේ ලෝකෝ පතිට්ඨිතො’ ලෝකය සම්පූර්ණෙයන්ම පවතින්නේ චලනය වීම මතයි. ‘විවට්ටට්ඨායි’ යනුවෙන් ලෝකය සකස් වන යුගය හඳුන්වනු ලැබේ. ‘විවට්ට’ යුගය යනු ලෝකය විකාශනය වී සංවර්ධනය වී ඇති යුගය යි. ‘සංවට්ටට්ඨායි’ යුගෙය් දී සමහර ලෝක විනාශයට පත්වෙනවා.

අපෙග් මනු‍‍‍ෂ්‍ය ලෝකෙයේ එක් කොටසක් ලෙස අපරෙගෝයාන, උතුරුකර, පූර්ව විදග්ධවල ජීවත්වන්නේ අමුතු ජීවින් කොටසක් නොවේ. ජම්බුද්වීපෙයහි ජීවත් වන්නේත් මිනිස්සු කොට්ඨාසයකි. බරණැස උතුරුකුරු දිවයිනේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු පන්සියයක් වන අතර ඔවුන් මහා පුණ්‍ය ශක්තියෙන් ඉපදුණු කොටසකි. ඔවුන් නිරන්තරයෙන් පංචශීලය ආරක්ෂා කරන අතර රූප සම්පත්තියෙන් අපට වඩා උසස්ය. ලෝකයේ විකාශනය හා පැවැත්ම පිළිබඳ ‘සත්තසූරියුග්ගමන සුත්‍රයේ’ පැහැදිලිව විස්තර කර ඇත. චූලනිකා සහස ලෝකය යනු ඉරවල් හා සඳවල් දහසක එකතුවකි. සහස්සී චූලනිකා සහසක් එකතු වී ද්වි සහස්සී මජ්ඣිමා ලෝක ධාතුව සෑදේ. මම ප්‍රදේශය බුදුවරුන් වහන්සේට පමණක් විෂය වේ.

බුදුවරයකුට උන් වහන්සේ ගේ ශාරීරා ලෝකෙයන් සහ කටහඬින් මජ්ඣිමා ද්විසහස්සී ලෝක ධාතුව දක්වා ආලෝකය හා ශබ්දය නිකුත් කිරීමේ හැකියාව තිබේ. බුදුරජාණන් වහන්සේ මවුකුස පිළිසිඳ ගැනීම, බිහිවන අවස්ථාව, අභිනිෂ්කමණය, බුදුවීම, දම්සක් පැවතුම්, ආයු සංස්කාර අත්හැරීම, පිරිනිවන් පෑම ආදී අවස්ථාවලදී ද්වි සහස්සී මජ්ඣිමා ලෝක ධාතුව දක්වා කම්පනයක් ඇතිවේ. එය හඳුන්වන්නේ ‘ජාති ක්ෂේත්‍රය’ ලෙස යි.

තිසහස්සි මහා සහස්සි ලෝක ධාතුව ලෙස හඳුන්වන්නේ, ද්වි සාස්සි මජ්ඣිමා ලෝක ධාතු දහසක්, එක්ව සෑදී ඇති ලෝක ධාතුවටයි. ඒ ලෝක ධාතුව තුළ බුදුවරයන් වහන්සේට ආනා ක්ෂේතය (කීර්තිය පැතිරවිය හැකි ප්‍රදේශය) ලෙස හඳුන්වනු ලබනවා. අටානාටිය, ඉසිගිලි සූතය, ධජග්ග සූතය, ඛන්ධ සූතය, ;මීර හා ෙමත්ත, රතන යන සූත්‍ර වල බලය මේ ප්‍රදේශ දක්වා පැතිරෙයි. එය බුද්ධ ශාසනය පවතින තෙක් පවතියි. මින් පැහැදිලි වන්නේ එක් ඉරකින් හා හඳකින් ආලෝකය පැතිරෙන්නේ එක් මතාවයකට පමණක් බවයි.

එවැනි මාතාවාට දහසක් පවතියි. මතාවාට දස ලක්ෂයක්, ද්වි සහස්සි මජ්ඣිමා ලෝක ධාතුවකි. එවැනි ලෝක ධාතු දස ලක්ෂයක් පවතියි. සද්විසහස්සි මජ්ඣිමා ලෝක ධාතු දහසක් මාතාවට සියක් කෝටියකි. එවැනි කෝටි සියයක් සක්වල කෝටි සියයකි. මේ අනුව විශ්වයේ ඇති පුළුල්භාවය අවෙබෝධ කරගත හැකිය. විද්‍යාවේ දී සහස්සී ලෝක ධාතුව හඳුන්වන්නේ ක්ෂීර පථය නමිනි. විශ්වය පිළිබඳ බුදුන් වහන්සේ සංඛාර උපත්ති සුතෙය්දී දේශනා කළ සේක. මේ ලෝකය දැනගත්බව, අවෙබෝධ කරගත් බව යන්න ලෝක විදූ යන අර්ථෙයන් බුදුන් වහන්සේ හඳුන්වනු ලබනවා. එහිදී සත්ත්ව ලෝකය, සංඛාර ලෝකය, අවකාශ ලෝකය යන ඒවා අවෙබෝධ කරගත් සේක.

විශ්වයේ පැවැත්ම ගැන අග්ගඤ්ඤ සූත්‍රයේ විස්තර රැසක් සඳහන් වෙයි.

සාකච්ඡා කෙළේ – පාර්ථනා වීරසිංහ

උපුටා ගැනිම වෙනුවෙන් ගෞරවනීය ස්තුතිය http://www.ravanabrothers.com

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s