හෙළ පරපුර

මලියදේව මහරහතන් වහන්සේට සෙවණ දුන් පදවිගම්පළ ශිලා මඤ්චය

බොරලැස්ගමුව මහා විද්‍යාලයේ එම්. නිලන්ති මානෙල් ප්‍රනාන්දු

සබරගමු පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන සිට වයඹ දිසාවෙන් පිහිටි සුන්දර ගම්මානයක් වන්නේ පදවිය ගම්පොළ හෙවත් පදවිගම්පළයි. කිණිගොඩ කෝරළයේ වල්ගම්පත්තුව දැලිවල වසමට අයත් වූ මෙම සුන්දර ගම්මානය ලක්දිව පුරා පසිඳු වූයේ එහිපිහිටි ශෛලමය ගෘහ නිර්මාණයක් හේතුවෙනි. ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් යැයි සැලකෙන මනරම් වූ ශිලා මඤ්චය එම අගනා නිර්මාණය යි.

රඹුක්කන, වල්ගම බස් මාර්ගයේ දෙවන සැතපුම් කණුව පසුකර යාර කිහිපයක් ගිය විට වම්පසින් හමුවන කොරහැත්ත – දඹුල්ල පාරේ සැතපුමක් පමණ ගමන් කළ විට මාර්ගයේ වම්පසින් මෙම ‘පදවිගම්පොළ ශිලා මඤ්චය’ හමුවේ.

මෑත අතීතයේ ප්‍රථමයෙන්ම මෙම ශිලා මඤ්චය සොයාගෙන ඒ පිළිබඳව වාර්තා කොට ඇත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඊ ලුවිස් මහතා විසිනි. අනතුරුව ඒ.එම්. හෝකාර්ට් මහතා විසින් මෙය ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් විශේෂ ආකෘතියක් ලෙස හඳුනා ගන්නා ලදී. ප්‍රාග් ඓතිහාසික සාධක බොහෝ සෙයින් ලංකාභූමියෙන් හමුවී ඇතත් මෙය ඉතා දියුණු පරිකල්පණ ශක්තියක් සහිතව කළ යුතු නිර්මාණයක් සේ සැලකෙයි.

ගම්වැසියන් විසින් මෙය ‘පදවියගම්පොළ ගල් මැස්ස’ නමින් සාමාන්‍යයෙන් ව්‍යවහාර කරනු ලබයි. පදවිගම්පලට එම නාමය ලැබීමට පසුබිම්ව ඇත්තේ ගල්මැස්ස ආශි‍්‍රත කථා පුවතයි. මෙම ශිලා ස්මාරකය ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් වේයැයි හැඟෙන බැවින් ජනශ්‍රැතියෙන් හා පුරාවිද්‍යා වාර්තාවන්ගෙන් හැර අනෙක් මූලාශ්‍රාවලින් ලත් කරුණු දුර්ලභය. අතීත ලක්දිව විසූ ගැමි ජනතාවගේ විශ්වාසය අනුව මෙම ශිලා මඤචය හා ලක්දිව වැඩවිසූ අවසාන මහ රහතන් වහන්සේ ලෙස සැලකෙන මලියදේව මහ රහතන් වහන්සේ පිළිබඳ පුරාවෘත්තයක් ගොඩනැගී ඇත. එනම්, දිනක් මලියදේව මහරහතන් වහන්සේ අනුරාධපුරයේ සිට පොල්ගහවෙල හරහා වට්ටාරමට වඩින අතරමග දී හදිසියේ අඇදහැලුනු මහ වර්ෂාවක් නිසා අසල පිහිටි බෝරුක් සෙවනකට වැඩමකළ බවත් එහිදී මෙම ශිලා මඤචය උන්වහන්සේ හට සෙවන සැලසූ බවත්ය. ශිලාමඤචයට වම් පසින් ඒ අසලම වූ බෝධිවෘක්ෂය ඒ හා සමකාලීන බවටද සාධක ඇත.

උතුම් වූ මහරහතන් වහන්සේ නමකට සෙවනදීම නිසාාමහත් වූ පදවිඩක් ලද බැවින් මෙය පදවිගම්පල ශිලා මඤචය වූ බව පැරණි ගම්වැසියන්ගේ මතයයි. එයට පෙර මෙම ගම ‘වැල්ලාරගොඩ’ හෙවත් පහල ගම්පළ නමින් ව්‍යවහාර වූ බවට සාධක ඇත. මලියදේව මහරහතන් වහන්සේ ගිමන් හැර නැවතී සිටීමෙන් හා උන්වහන්සේගේ පැමිණීමෙන් ශුද්ධ භූමියක් බවට පත්වූ පසු මෙම ගල්මැස්ස බෞද්ධ ජනතාවගේ් පූජනීය ස්ථානයක් බවට පත්වු බව කියැවේ.

මෙම සිදුවීමෙන් පසු අවට ගම්මාන කිහිපය කද නාමයන් වෙනස්වීම් වලට භාජනය විය. මලියදේව මහරහතන් වහන්සේ පදවිගම්පළ වැඩසිටි කාලය තුළ උන්වහන්සේ හට මුල්ම දානය පිරිනැමු ගම,, මහා දානයක් දුන්ගම බැවින් ‘මාදන’ විය.

උන්වහන්සේ වෙත පමා වී දානයක් ගෙන ආ ගම, දානෙන් පසුව යන අරුත ඇතිව ‘දාහෙන් පහුව‘ යන නමින් ව්‍යවහාර විය. මලියදේව මහ රහතන් වහන්සේ දන් වළඳා ඉතිරි වූ දේ දැමූ ස්ථානය ‘දං මඩිත්තිය වත්ත’ ලෙස හැඳින්වූ බවටද සාධක ඇත. පාරම්පරික ගැමියන් අතර වර්තමානයේද මෙම ස්ථානය පිළිබඳ දැඩි භක්තියක්’ හා ගෞරවයක් පවතී. ‘මලියදේව ගුහාරාමය’ යනුවෙන් මෙම ගල්මැස්ස ව්‍යවහාර වන බව ඒ එම් හෝකාර්ට් මහතා විසින්ද සඳහන් කොට ඇත.

ගැමිජන විශ්වාසය අනුව ශිලාමඤචය අසල වූ බෝධින්වහන්සේට පරිවාර බෝධීන් වහන්සේ සතරක්ද වූ අතර ප්‍රධාන බෝධින්වහන්සේ ඔවුන්ගේ ඉෂ්ට දේවතාවකුª බඳු විය. මෙම සියලු ගැමි ජන විශ්වාසයන් හා වෘත්තාන්තයන් වලින් අනාවරණය වන්නේ පදවි ගම්පල ශිලා මඤචය හා බෞද්ධාගමික සිදුවීම් අතර කිසියම් සමීප සබඳතාවයක් පැවැති බවයි.

මෙයින් අඩසියවසකට පෙර ගල්මැස්ස සමීපයේ පුද්ගලික කැණීමකින් හෙලි වී ඇත්තේ ගල් පියස්සේ සිරස් ගල්කණු අඩි දහයකටත් වඩා ගැඹුරට පොළව යට වැළලී ඇති බවයි. ඒ අනුව මෙම ගල්මැස්ස අතීතයේ වඩා වැඩි උසකින් දෘෂ්‍යමාන වූ අතර විවිධ දේශගුණික හා කාලගුණික විපර්යාසයන්ට බඳුන්ව ක්‍රමයෙන් පොළොව යටට ගිලා බසින බව නිගමනය කළ හැකිය.

මෙම ශිලා ස්මාරකය නිර්මාණය කොට ඇත්තේ සිරස් ගල් පුවරු තුනක් මත සෙවිලි කරන සේ යෙදූ දිගටි ගල් පතුරකිනි. ස්මාරකය දකුණට මදක් ඇල වී ඇත. ගල්පුවරු සාමාන්‍යයෙන් ඔපමට්ටම් කොට ඇත. ශිලා මඤචයේ ඇතුලත අඩි 11 6 1/2 ක පමණ ඉඩ ප්‍රමාණයක් ඇත. උතුරු පැත්තෙහි දොරටුවක් බඳු විවරයකි. නිර්මාණය කළ කාලය මෙන්ම නිර්මාණ ශිල්පීන්ද අවිනිශ්චිතය.

මෙම පදවිගම්පොල ශිලා මඤචට බටහිර දෙසින් කොස්කන්ද නම් වූ කඳුගැටයකි. එහි බ්‍රාහ්මීය අක්ෂර වලින් ලියැවුනු අක්ෂර සහිත සෙල්ලිපි වලින් යුතු ගුහා කීපයකි. ඉන් එක් ලිපියක මෙසේ ලියැවී ඇත.

‘නපති උපශක රකි පුත බති තිශහ ලෙණෙ
අගත අනගත චතුදිශ ශගශ’

මෙයින් ගම්‍ය වන්නේ මෙම සෙල්ලිපිය සහිත ලෙන බෞද්ධ පවුලක් විසින් සිව්දිගින් වැඩි නොවැඩි මහ ස¼ඟරුවනට පිදූ බවයි. එහි සිවිලිමට පහලින් ඉබ්බෙකුගේ සංකේතයක් කොටා ඇති අයුරු දක්නට ලැබෙයි. එම ගුහාවේම බටහිර පැත්තේ කටාරමට යටින් තවත් සෙල් ලිපියකි.

‘පරුමක රොක පුත පරුමක තිශ පුත
පරුමක ශදිලශ ලෙණෙ අගත අනගත
චතුදිශ ශගශ’

එයින් කියැවෙන්නේ කටාරමට යටින් වූ ගල්ලෙන ප්‍රභූ පවුලක් විසින් මහ සඟරුවනට පූජා කළ බවයි. එම ගුහාව පසුකර කඳු මුදුනට ගමන්ගත් විට ලංලංව පිහිටි තවත් ගුහා කිහිපයක් හමුවේ. ඉන් එක් ගුහාවක කටාරමට යටින් බ්‍රාහ්මී අක්ෂරයන්ගෙන් ලියැවුණු අපැහැදිලි ශිලා ලේඛනයකි.

‘……. පුත රකිතශ ලෙණෙ අගත අනගත චතුදිශ ශගශ’ මෙයින් අර්ථවත් වූයේ රකිතශ නම් බෞද්ධ පුත්‍රයාගේ ලෙන මහ සඟරුවන වෙත පිදූ බවයි.

මෙම සියලු ලෙන් ලිපිවල අක්ෂරවල ස්වභාවය අනුව ඒවා ක්‍රි.පූ 3 – ක්‍රි.ව 1 දක්වා කාලය තුළ ලියැවී ඇති බව අනුමාන කළ හැකිය. අතීතයේ මෙම ගුහා සංකීර්ණය සංඝාවාසයක් ලෙස භාවිතා වන්නට ඇත. ජනප්‍රවාදයනට අනුව වළගම්බා රජු මෙම ලෙන්වල සැගවී සිටි බවද අනාවරණය වී ඇත.

පදවිගම්පළ ශිලා මඤචයෙහි ප්‍රභවය පිළිබඳව තහවුරු කිරීමට ප්‍රමාණවත් වූ මූලාශ්‍ර දුර්ලභ උවත් කඳුගැටයේ ඇති ශිලා ලේඛනයන්ගෙන් පැහැදිලි වන්නේ බුදු දහම කේන්ද්‍රස්ථානය වූ පරිසරයක් ඒ ආශි‍්‍රතව ගොඩනැගී තිබූ බවයි. බෞද්ධ උරුමයේ මෙවැනි ස්මාරක රැතගැනීම අප සතු යුතුකමකි.

උපුටා ගැනිම වෙනුවෙන් ගෞරවනීය ස්තුතිය www.ravanabrothers.com

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s