හෙළ පරපුර

ඉතිහාසය

විජයාගමනයට පෙර හෙළ ශිෂ්ඨාචාරය.

විජයාගමනය සිංහලයාගේ ආරම්භය බව පෙන්වීම සදහා බොහෝ දෙනා විවිධ උත්සාහ ගත් අතර විජයා‍ගමනයට පෙර ලංකාවේ ජනාවාස තිබූ බව පිළිගන්නට ඔව්න් අකැමැති පිරිසක් විය. නමුත් එම සියළු මතවාදයන් සත්‍යයෙන් තොර වූවක් බව සනාත වන්නාවූ ප්‍රභල සාධක කිහිපයක් පසුගිය කාළයේ සිදුකෙරුණු පුරාවිද්‍යා කැණීම් තුළින් සොයාගන්නට හැකි වී ඇත.

මෙය අනුරාධපුරයේ ඇතුළුනුවර කරන ලද කැණීම් වලීන් මතුකරගන්නා ලද ප්‍රාග් අනුරාධපුර යුගයට අයත් නටබුන් වන අතර මෙය දැනට පවතින අනුරාධපුර නගරයට අඩි තිහක් පමණ ගැඹුරින් පිහිටා ඇති අතර ක්‍රි:පූර්‍ව 800 ත් 1000 ත් අතර යුගයට අයත් බව සැලකෙන අතර මෙය විශාල වෙළෙද මධ්‍යස්ථානයක නටබුන් බව පුරා විද්‍යාඥයින් සදහන් කරයි.

උපුටා ගැනීම මනෝජ් කොළඹගේ.

Advertisements

අනගාරික ධර්මපාලතුමන්​​ගේ ජීවන චරිතය

කීර්තිමත් වෙළෙඳ ව්‍යාපාරිකයකු වූ බෞද්ධ කටයුතු පිළිබඳ දැඩි කැපවීමකින් කටයුතු කළ සමාජ සේවක මාතර හිත්තැටියේ දොන් කරෝලිස් හේවාවිතාරණ මුදලිතුමා සහ මල්ලිකා හේවාවිතාරණ දෙපළට 1864 සැප්තැම්බර් 17 දින උපන් මේ පින්වත් කුමරා ඩේවිඩ් යන නාමයෙන් හැදුණේ වැඩුණේ, පසු කළ එම අපර නාමයෙන් බැහැරව ධර්මපාල නාමයෙන් හැඳින්වෙමින් “ශ්‍රී මත් අනගාරික ධර්මපාල” නමින් ලෝකප‍්‍රකට ශ්‍රේෂ්ට නායකයා වූයේ ය.

පිටකොටුවේ ශාන්ත මේරි, කොටහේනේ ශාන්ත බෙඩනඩික්ට්, මෝදර ශාන්ත තෝමස් ආදී විදුහල් තුළින් අධ්‍යාපනය ලබමින් කිතු දහම පිළිබඳව මනා අවබෝධයක් ලැබීය. සෙනසුරාදා දිනයන්හි කොටහේනේ දීපදුත්තාරාමයට ගොස් වාදීහසිංහ මොහොට්ටිවත්තේ ගුණානන්ද ඛ්ඹ්මිපාණන්ගේ ව්‍යක්ත දේශනවලට සවන් දෙමින් කිතු දහමත් බුදු දහමත් අතර වෙනස මැනවින් තේරුම් ගත්තේ ය.

පිටකොටුවේ පුස්තකාලයෙන් සිය දැනුම පුළුල් කර ගත් ඔහු අනුන්ට නොකළ හැකි දේ කරන්නට අනුන් නොයන මඟ යන්නට තැත් කළ එඩිතර තරුණයකු විය. ඉංගී‍්‍රසි භාෂාව ප‍්‍රගුණ කළ ඩේවිඩ්, රජයේ ලිපිකරුවකු බවට පත් ව කටයුතු කළේ ටික කලකින් සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය තකා කටයුතු කිරීමේ අවශ්‍යතාව සිය මවුපියනට ලියා යවමින් රැකියාව ද අත් හරිමින් ධර්මපාල යන නාමය ගනිමින් ලෝකසත්වයාගේ යහපත සඳහා සිය ජීවිතය කැප කළේ ය.

වර්ෂ 1880 මැයි 17 වන දින එතුමන්ට ජීවිතයේ වැදගත් දිනයක් වූයේ එතුමාගේ ගමන්මග හා දැඩිව බැඳුණු සෙන්පති ඕල්කට් තුමා හා බිලැට්මිස්කි මැතිනිය ගාලු වරායෙන් ලංකාවට සම්ප‍්‍රාප්ත වීමය.

ඕල්කට්තුමා බෞද්ධාගමික ප‍්‍රබෝධය පිණිස රටපුරා කළ සංචාරයේ දී ඔහුගේ ඉංගී‍්‍රසි කථා සිංහලට පරිවර්තනය කිරීමේ කාර්යට ඉදිරිපත් වූයේ ඩේවිඩ් හේවාවිතාරණ තරුණයා ය.

බුද්ධගයා ශුද්ධ භූමිය හින්දුන් විසින් අත්පත් කොට බුදු රූ ඇතුළු බෞද්ධ වස්තූන්ට කළ හානිය, නිග‍්‍රහය ධර්මපාලතුමා තුළ සංවේගය උපදවන්නක් විය.

1891 මාර්තු 18 දින කල්කටාවට පැමිණි බුරුම බෞද්ධයන් බුද්ධගයාව බේරා ගැනීමට පොළඹවා ගනු පිණිස එතුමා බුරුමය බලා පිටත් විය. 1891 මැයි 31 විද්‍යෝදය පිරිවෙණේ බුද්ධ ගයා මහා බෝධි සමාගම ඇරඹුයේ බුද්ධගයාව බේරා ගැනීමේ ජාත්‍යන්තර උත්ඝෝෂණයක් ඇරැඹීමට ය. 1891 ජූලි 17 බුද්ධගයා ධර්මදූත සේවයේ නායකයා ලෙස ඉන්දියාවට ගොස් එහි බුද්ධගයා ජාත්‍යන්තර බෞද්ධ සාකච්ඡාවක් කැඳවීය. කල්කටා මහා බෝධි සමාගම ඇරැඹූ එතුමා 1891 මැයි මස මහාබෝධි සඟරාව, ඇරැඹීය. ලොව තවත් රටවල මහා බෝධි සමාගම් ද පිහිටුවීය. 1893 සැප්තැම්බර් මස චිකාගෝ නුවර ජගත් දෘෂ්ටි සම්මේලනයට සහභාගිව කළ දේශනය අපරදිග බුද්ධිමතුන්ගේ සිත් සතන් බුදුසමය වෙත නැඹුරු කරවීය. නොයෙක් රටවල සංචාරය කළ එතුමා ජපානයේ දී මහත් හරසරින් පිළිගන්නා ලද්දේ පස්වසරක්ම එහි ධර්ම ප‍්‍රචාරයේ නියැලුණේ ය. ලක්දිව පුරා සංචාරය කරමින් සිංහල බෞද්ධයන් පුබුදු කළ එතුමා නිදා සිටි සිංහලයාගේ, බෞද්ධයාගේ ආත්ම ශක්ති අවදි කිරීම අතිශය වැදගත් කරුණක් විය. 1915 සිංහල මුස්ලිම් අරගලය නිසා වූ නොසන්සුන් වාතාවරණය ධර්මපාලතුමාගේ ධර්ම ප‍්‍රචාරක කටයුතු වලට බාධාවක් විය.

1906 ඇරැඹුණු “සිංහල බෞද්ධයා” පත‍්‍රය ද මෙකල නතර විය. 1915 ජූනි මාසයේ දී එතුමා කල්කටාවේ දී සිරභාරයට ගන්නා ලදී. 1922 දී යළි සිංහල බෞද්ධයා ඇරැඹුණු අතර, ලංකාවේ බෞද්ධයන් නගා සිටුවමින් ජාතික, ආගමික, සාමාජික, සංස්කෘතික ප‍්‍රබෝධයට ඇප කැපවෙමින් පුරෝගාමී වූයේ ය. 1931 දී අවසන් වරට ලංකාවෙන් පිටවී ගිය එතුමා 1931 ජූලි 13 දින බරණැස ඉසිපතනාරාමයේ දී බෝරුක්හමුවේ සිරිරේවත හිමියන් වෙතින් සිරිදේවමිත්ත ධම්මපාල යන නමින් පැවිදි බිමට පත්ව 1932 දී උපසම්පදාව ද ලැබීය. 1933 වන විට ශරීර ශක්තිය දුර්වල නමුත් බුද්ධගයාව බේරා ගැනීමේ කටයුතු පිළිබඳව කි‍්‍රයා කළේ ය. 1933 අපෙ‍්‍ර්ල් 29 දා මේ ශ්‍රේෂ්ඨ පුද්ගලයා මෙලොවින් තුරන්වූයේ තථාගත ධර්මය ලොව ප‍්‍රචලිත ඛ්ලම සඳහා මතු යළි උපදින්නෙමිය යන උත්තරීතර අදහස ද ඇතිව ය.

කල්කටාවේ අග‍්‍රවිනිශ්චකාර ශ්‍රීමත් මහ්මථනාථ මුඛර්ජි මහතා ධර්මපාල තුමාගේ ධර්ම ප‍්‍රචාර සේවාව ධර්මාශෝක රජුගේ ධර්ම ප‍්‍රචාර සේවයට පමණක් දෙවැනි යැයි සඳහන් කරයි.

සමාජය සකස් කරන්නට ධර්මපාල තුමා මුළු රටපුරාම ගියේ ය. “රහමෙර පානය කරන්න එපා ගෙරි මස් කන්න එපා” කියමින් රට පුරා යමින් ජන හදවත් අවදි කළ එතුමා “ගොන්තඩියා, වල් බූරුවා” වැනි ආමන්ත‍්‍රණ යෙදුවේ හුදෙක් මිනිසුන් ගැන කරුණාව නිසාම ය. යුරෝපීයයන්ට බියෙන් මුළුගැන්වුණු සිංහල ගැමියා තුළ තිබූ එම බිය තුරන් කිරීමට ධර්මපාල තුමා උපක‍්‍රමශීලීව කටයුතු කළේ ය. මත්පැන් පානයෙන් රට විනාශ වී යෑම ගැන රටවැසියන්ට දැඩි ලෙස අවවාද දුන් එතුමා සුරා යකාගෙන් මේ පින්වත් දිවයින බේරා ගත යුතු යැයි හඬ නැංවීය.

අන්ධ ලෙස බටහිර අනුකරණය කිරීම ගැන සිංහලයන්ට දොස් පැවරූ එතුමා ජාතික සිරිත් විරිත් වල අගය පෙන්වාදුන්නේ ය. ඇඳුම්, පැළඳුම්, චාරිත‍්‍ර, වාරිත‍්‍ර, කෑම බීම මේ ආදී සෑම කරුණක් ගැනම පෙන්වා දුන්නේ ය. ජාතියක් ලෙස නැඟී සිටීමට අවශ්‍ය දේශීය කර්මාන්ත ව්‍යාපාර ගැන පැවසූ එතුමා විවිධ කර්මාන්ත පුහුණුව සඳහා සිංහලයන් ජපානයට පිටත් කරලීය. පේෂ කර්මාන්තය ආදී කර්මාන්ත ඇරැඹීමට එතුමා මුල් විය. ජාතික අර්ථකථනයක් ගොඩ නඟා නැගීමට එතුමා මහත් සේ දායක විය.

එතුමාගේ සටන අංශ රැසක් කරා පැතිර ගියේ ය. ආගමික අංශය එහිදී ඉහළින්ම කැපී පෙනිණි. අධ්‍යාපනය ලැබීමේ උවමනාව ජාතිකත්වය අධිරාජ්‍ය විරෝධී ආකල්ප ඒ අතර ප‍්‍රමුඛ විය. අදට වඩා බෙහෙවින් වෙනස් වූ යුගයක එතුමා තම අදහස් කි‍්‍රයාත්මක කරන්නට පුදුමාකාර ප‍්‍රයත්නයක් දැරී ය. දූරදර්ශී විචක්ෂණ නුවණින් කි‍්‍රයා කළ මේ උදාරතර ශ්‍රේෂ්ට සිංහලයා, නොවන්නට අද දඹදිව බෞද්ධ උරුමය ලොවටම අහිමි වනු නියත ය. ධර්මාපාපතුමාගේ මහත් වූ සේවය අගැයීමට එය පමණක් වුවද සෑහේ. සිංහල ජනතාවට, ශ්‍රී ලාංකික ජනතාවට පමණක් නොව ලෝක ජනතාවට අත්‍යුදාර මෙහෙයක් ඉටු කළ මෙම ශ්‍රී ලාංකික යුග පුරුෂයා ලෝක බෞද්ධ ජනතාවටම සේවය කළ ශ්‍රේෂ්ඨ පුද්ගලයකු ලෙස සැලකිය හැකි ය.

(මෙම සටහන Wikipedia වලින් ගන්නා ලදී.)


සිංහලයාගේ උපත සොයා අතීතයට ගියෙමි – 01

සිංහලයාගේ ආරම්භය පිළිබදව ප්‍රධාන මත කිහිපයක් දක්නට ඇත. එම අදහස් සියල්ල එකට කැටි කළ විට ප්‍රධාන වශයෙන් සිංහලයාගේ උපත පිළිබදව මත දෙකක්

  1. උතුරු ඉන්දියාවෙන් ලංකාවට සංක්‍රමණය වූ බව
  2. ස්වදේශිය යක්ෂ, දේව, නාග, රාක්ෂ යන්හි එකතුවක් බව

මෙයින් වඩාත් ප්‍රසිද්ධ වී ඇත්තේ ඉන්දියාවේ සිංහ වංශය ලංකාවට පැමිණ සිංහල වූවා යන මතයයි.
උතුරු ඉන්දියාවෙන් සිංහලයාගේ උපත සිදුවූවා යන මතය පිළිබදව, මූලාස රැසක් අපවෙත දක්නට ඇත. ඒ අතර ප්‍රධාන ලෙස දීප වංශය, සමන්තපාසාදිකාව, දිව්‍යාවදානය, මහා භාරතය ආදී ග්‍රන්ථ සහ දේශ ගවේශකයන්ගේ වාර්තාද වැදගත් වේ.

සිංහයාගෙන් ආරම්භ වි -> සිංහබාහු -> විජය ->පණ්ඩුවාසු දේව – අභය
සිංහල නම් වෙළෙන්දා ->සිංහල දේශය

ලංකාව තුළ ජනප්‍රිය මතය වන මෙහි මා හට පෙනෙන ආකාරයටනම් එය එතරම් පිළිගත හැකි වැදගත් අදහසක් නොවන බවයි . මොකද දැනට සොයාගෙන ඇති පුරා විද්‍යාත්මක සාධක වලට අනුවත් මහා වංශය , මහා භාරතය ආදී ඉතිහාස ග්‍රන්ථ වලට අනුවද විජයගේ ආක්‍රමණයට පෙර ලංකාවේ දියුණු ශිෂ්ටාචාරයක් පැවති බවටත් සාක්ෂි ඉතිහාස සිදුවීම් සියුම්ව අධ්‍යනයේදී අනන්තවත් සොයාගත හැකිය.

මහා වංශය තුළින්ම සොයාගත හැකි කරුණු රැසකි.

  • කුවේණි නම් වූ යක්ෂ නායිකාව ඇයට සේවිකාවන් සිටි බව (ඇගේ නම සීස පාටිකා බව කාම්බෝජ මහා වංශයේ සදහන්ව ඇත.)
  • විලි වසාගැනීමේ අවශ්‍යතාවයට පමණක්ම සීමා නොවූ රෙදි කර්මාන්තය දියුණුව පැවතීම.
  • දියුණු නගර – සීර්ශවස්තු නමැති යක්ෂ පුරය, ලංකා නගරය
  • නගරාන්තර විවාහ සබදතා සිදුවීම, ආදී වශයෙන් කරුණු රැසකි.

එසේම දැනට සිදුවී ඇති පුරා විද්‍යාත්මක පර්යේෂණ තුළින් විජයගේ පැමිණීමටත් පෙර එනම් ක්‍රී.පූ 6 වෙනි සියවසට පෙර යුගයට අයත්වන දියුණු නගරයක් (එය දකුණු ආසියාවේ ප්‍රධාන වෙළද මධ්‍යස්ථානයක් ව පැවති බවට සාක්ෂි ලැබී ඇත) අනුරාධපුර ඇතුළුනුවර කැණීම් වලින් සොයාගෙන ඇත.

පසුගිය දිනවල තිස්සමහාරාමයෙන්ද කි.පු 6 සියවසට ‍පෙර යුගයට අයත් දියුණු නාගරික ලක්ෂණ සහිත නගර සංකීර්ණයක නටබුන් හමුවී ඇති බවත් දැනගන්නට ලැබිණ. මේ ආදී ලෙස බලන කල නම් සිංහලයාගේ උපත අප දන්නා සිංහබාහු විජය පරපුරෙන් නම් නොවන බවට මට සහතික විය හැකිය.


සංස්කෘතික උරුමයන් පිළිබද ලිපි එකතුවක්

අප විසින් මෙහි ඔබට ලබා දී ඈති සබැදුම  (Link) භාවිත කොට අපූරැ ඉසව්වක් කරා ගමන් කළ හැක. මෙය Facebook  නම් වෙබ් අඩවියට ​​Madhawa Udithapriya Wijesekara නම් සොයුරා විසින් එකතු කරන ලද ලිපි පෙළකි.

ඉතිහාසමය හා සංස්කෘතිකමය තොරතුරැ රැගත් මෙම ලිපි පෙළ පැරණි උරැමයන්ගේ මනහර ඡායාරෑපයන්ගෙන්ද සමන්විතය.

පුරාවිදු අවධානය යොමුවිය යුතු නටබුන්,
අලුතින් සොයා ගන්නා ලද උරැමයන්
විහාරස්ථානයන්හි ඉතිහාසගත තොරතුරැ
නිධන් වස්තු කොල්ලකෑම්

ආදී මෙම විශයට සම්භන්ධ වර්ගයේ සියලු විස්තර මෙහි ඈතුලත්ය.

Save Buddhist Heritages in Sri Lanka


ඉබ්බන්කටුව ඓතිහාසික සොහොන

ශ්‍රී ලංකාවේ ප්‍රෙෘඩ ඉතිහාසය විදහා දක්‌වන ස්‌ථාන අතර දෙස්‌ විදෙස්‌ සංචාරක ඇස හරි හැටි නොගැටුණු ස්‌ථානද ගණනාවක්‌ තිබේ.

ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය තුළ පිහිටි ඉබ්බන්කටුව ඓතිහාසික සුසාන භූමිය එවන් ස්‌ථානයකි.

දඹුල්ලේ සිට කුරුණෑගල කරා දිවෙන මහා මාර්ගයේ කුරුණෑගල දෙසට කිලෝ මීටර් එකහමාරක්‌ පමණ ගොස්‌ දකුණු පසින් ඇති ගුරු පාරේ මීටර් 500 ක්‌ පමණ දුරක්‌ ගිය විට මෙගලිතික යුගයට අයත් මෙම ඓතිහාසික සුසාන භූමිය හමුවේ. (more…)


මලියදේව මහරහතන් වහන්සේට සෙවණ දුන් පදවිගම්පළ ශිලා මඤ්චය

බොරලැස්ගමුව මහා විද්‍යාලයේ එම්. නිලන්ති මානෙල් ප්‍රනාන්දු

සබරගමු පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන සිට වයඹ දිසාවෙන් පිහිටි සුන්දර ගම්මානයක් වන්නේ පදවිය ගම්පොළ හෙවත් පදවිගම්පළයි. කිණිගොඩ කෝරළයේ වල්ගම්පත්තුව දැලිවල වසමට අයත් වූ මෙම සුන්දර ගම්මානය ලක්දිව පුරා පසිඳු වූයේ එහිපිහිටි ශෛලමය ගෘහ නිර්මාණයක් හේතුවෙනි. ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් යැයි සැලකෙන මනරම් වූ ශිලා මඤ්චය එම අගනා නිර්මාණය යි.

රඹුක්කන, වල්ගම බස් මාර්ගයේ දෙවන සැතපුම් කණුව පසුකර යාර කිහිපයක් ගිය විට වම්පසින් හමුවන කොරහැත්ත – දඹුල්ල පාරේ සැතපුමක් පමණ ගමන් කළ විට මාර්ගයේ වම්පසින් මෙම ‘පදවිගම්පොළ ශිලා මඤ්චය’ හමුවේ. (more…)


කිවුලේගෙදර පුංචි අලුත්බණ්‌ඩාර

පුලතිසිපුරයේ පහළ වූ මහ පැරකුම්බා රජුගේ පුරෝහිතයා ලෙස කටයුතු කළ කේවේසස්‌ථාන බණ්‌ඩාර සෘෂිතුමා කිවුලේ ගෙදර පරපුරේ ආදිතමයා ලෙස සලකනු ලබන අතර මෙතුමා රාවණා රජුගේ පුත්‍ර උපේන්ද්‍ර මිණි මණ්‌ඨක යුවරජුට දාව උපත ලැබීය. පසු කලෙක කේවේසස්‌ථාන රජු ලෙස කිරුළු පළඳින ලදී.

(more…)


අට විසි බුද්ධ ප්‍රතිමා වහන්සේගෙන් ඔපවත් වූ පහළකීඹිය ශෛලාලයාරාමය

සටහන හා ඡායාරූප වින්සන් මුණුගොඩ (වදුරඹ සමූහ වාර්තාකරු)

ගාල්ල දිස්ත්‍රික්කයේ ඇති විහාරස්ථාන අතුරින් විශේෂිත වූ පහළකීඹිය ශෛලාලයාරාම නම් වූ පුරාණ රජමහා විහාරය ඓතිහාසික වටිනාකමකින් යුත් බොදු බැතිමතුන්ගේ පූජනීය පුදබිමකි.

මෙහි ආරම්භය ක්‍රි.ව. 1726 වසරේදී බව ශාසනික ඉතිහාසයේ සඳහන් කරයි. තුරු ලතාවන්ගෙන් ගහන තැන තැන දිය පොකුණු සහිත සුන්දර වූ සිසිලස ගෙන දෙන පරිසරයක් තුළ මනහර කඳුයායක් පාමුල මෙම විහාරය පිහිටා ඇත.

කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙණාධිපති දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක මහෝපාධ්‍ය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති අකුරැටියේ අමරවංශාභිධාන නායක හිමිපාණන් වහන්සේ ඇතුළු පඬිවරුන් රැසක්ම මෙම විහාරස්ථානයේ පහස ලැබූ අය වෙති.

(more…)


ඓතිහාසික වටිනාකම් රැසක්‌ සඟවාගෙන සිටින ශ්‍රී ලංකාවේ විශාලතම හා පැරැණිතම ජාතික වනෝද්‍යානය

දශක තුනකට ආසන්න වූ කාලයක්‌ තුළ මෙරටට අඳුරු කල දසාවක්‌ උදා කළ ත්‍රස්‌තවාදී උවදුර නිමා වීමත් සමග රටට නව අරුණැල්ලක්‌ උදා විය. දෙස්‌ විදෙස්‌ සංචාරකයන්ට තහනම් ප්‍රදේශ බවට පත් වූ ජාතික වනෝද්‍යාන කිහිපයක්‌ මේ නව අරුණැල්ලත් සමග සංචාරකයන් සඳහා විවෘත විය. එහෙත් ඒ දහසක්‌ අඩුපාඩු ඇති ව ය. එනම් පහසුකම් රහිත ව ය. එහෙත් සංචාරකයන් සඳහා උද්‍යානයක්‌ විවෘත වීම එහි මතු ආරක්‍ෂාව සඳහා හේතු වන්නකි.

ශ්‍රී ලංකාවේ විශාලතම එසේ ම පැරැණිත ම ජාතික වනෝද්‍යානය වන විල්පත්තුව ජාතික වනෝද්‍යානය ද පෙබරවාරි 27 වැනි දින පාරිසරික හා ස්‌වාභාවික සම්පත් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ගේ අතින් විවෘත විය. ඉන් අනතුරුව විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුළ කළ සංචාරයකින් මේ ලිපිය සැකසෙයි.

(more…)