හෙළ පරපුර

චරිතා ප්‍රදාන

කැප්පෙටිපොළ මහ නිලමේ

මීට පුරා වසර 191 කට පෙරාතුව ස්‌වකීය ජන්ම භූමියත්, සම්බුද්ධ ශාසනයත් ආරක්‌ෂා කර ගැනීමේ පරම පිවිතුරු ෙච්තනාවෙන් අධිරාජ්‍යවාදීන්ට එරෙහිව අභීතවත් ලෙස නැඟී සිට තම ජීවිත පරිත්‍යාගයෙන් යුතුව ක්‍රියා කළ වීර මොනරවිල කැප්පෙටිපොළ මහ නිලමේ අනුස්‌මරණය කිරීම සෑම ශ්‍රී ලාංකිකයෙකුගේම යුතුකමක්‌ වේ.

(more…)

Advertisements

කිවුලේගෙදර පුංචි අලුත්බණ්‌ඩාර

පුලතිසිපුරයේ පහළ වූ මහ පැරකුම්බා රජුගේ පුරෝහිතයා ලෙස කටයුතු කළ කේවේසස්‌ථාන බණ්‌ඩාර සෘෂිතුමා කිවුලේ ගෙදර පරපුරේ ආදිතමයා ලෙස සලකනු ලබන අතර මෙතුමා රාවණා රජුගේ පුත්‍ර උපේන්ද්‍ර මිණි මණ්‌ඨක යුවරජුට දාව උපත ලැබීය. පසු කලෙක කේවේසස්‌ථාන රජු ලෙස කිරුළු පළඳින ලදී.

(more…)


හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක හාමුදුරුවෝ

විද්‍යෝදය පාරිවෙණික ශිෂ්‍ය සංගමයේ ප්‍රධාන ලේකම් අම්බලන්ගොඩ  සුමේධානන්ද හිමි

ශ්‍රී සුමංගල සමය මෙකල පවත්නා ශාස්ත්‍රීය දියුණුවේ මූලාරම්භයයි. මේ රටේ තිබුණු පැරැණි ග්‍රන්ථ සියල්ලක්ම පුස්කොළ පොත්ය. ඒවායේ පිටපත් තිබුණේ ස්වල්පයකි. මෙකල ප්‍රථමයෙන්ම කළ යුතු ශාස්ත්‍රීය සේවය වූයේ පුස්කොල පොත්වල තිබුණු ධර්ම ශාස්ත්‍රීය ග්‍රන්ථ මුද්‍රණය කරවීමයි. පසුව පුස්කොල පොත්වලට සන්න, ගැටපද, ව්‍යාඛ්‍යා ප්‍රදීපිකා, ටීකා ආදිය ලිවීමෙන් ඒ සේවය වඩාත් උසස් ලෙස සිදුකර ඒ යුගයේ සුමංගල මාහිමියෝ බාලාවතාරයට සුබෝධිනී ටීකාව සැපයීම , සිදත් සඟරා සන්නය, බ්‍රාහ්මණ ධර්මකාව්‍ය , කාව්‍යශේඛර සන්නස ආදී වැදගත් ග්‍රන්ථ රාශියකට සන්න සැපයූහ. මෙතුමන්ගේ සෙසු කෘති අතර වාර්ණරීතිය, මාසර්තු ලක්‍ෂණ, සත්‍ය සංග්‍රහය , සන්ධි ග්‍රහය, සීමා විභාගය, ආඛ්‍යාත ව්‍යාඛ්‍යාව ආදිය මේ යුගයේ සුමංගල මාහිමියන් එළිදැක්වූ ග්‍රන්ථ ය. (more…)