හෙළ පරපුර

සංස්කෘතිය

මලියදේව මහරහතන් වහන්සේට සෙවණ දුන් පදවිගම්පළ ශිලා මඤ්චය

බොරලැස්ගමුව මහා විද්‍යාලයේ එම්. නිලන්ති මානෙල් ප්‍රනාන්දු

සබරගමු පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන සිට වයඹ දිසාවෙන් පිහිටි සුන්දර ගම්මානයක් වන්නේ පදවිය ගම්පොළ හෙවත් පදවිගම්පළයි. කිණිගොඩ කෝරළයේ වල්ගම්පත්තුව දැලිවල වසමට අයත් වූ මෙම සුන්දර ගම්මානය ලක්දිව පුරා පසිඳු වූයේ එහිපිහිටි ශෛලමය ගෘහ නිර්මාණයක් හේතුවෙනි. ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් යැයි සැලකෙන මනරම් වූ ශිලා මඤ්චය එම අගනා නිර්මාණය යි.

රඹුක්කන, වල්ගම බස් මාර්ගයේ දෙවන සැතපුම් කණුව පසුකර යාර කිහිපයක් ගිය විට වම්පසින් හමුවන කොරහැත්ත – දඹුල්ල පාරේ සැතපුමක් පමණ ගමන් කළ විට මාර්ගයේ වම්පසින් මෙම ‘පදවිගම්පොළ ශිලා මඤ්චය’ හමුවේ. (more…)

Advertisements

ඓතිහාසික වටිනාකම් රැසක්‌ සඟවාගෙන සිටින ශ්‍රී ලංකාවේ විශාලතම හා පැරැණිතම ජාතික වනෝද්‍යානය

දශක තුනකට ආසන්න වූ කාලයක්‌ තුළ මෙරටට අඳුරු කල දසාවක්‌ උදා කළ ත්‍රස්‌තවාදී උවදුර නිමා වීමත් සමග රටට නව අරුණැල්ලක්‌ උදා විය. දෙස්‌ විදෙස්‌ සංචාරකයන්ට තහනම් ප්‍රදේශ බවට පත් වූ ජාතික වනෝද්‍යාන කිහිපයක්‌ මේ නව අරුණැල්ලත් සමග සංචාරකයන් සඳහා විවෘත විය. එහෙත් ඒ දහසක්‌ අඩුපාඩු ඇති ව ය. එනම් පහසුකම් රහිත ව ය. එහෙත් සංචාරකයන් සඳහා උද්‍යානයක්‌ විවෘත වීම එහි මතු ආරක්‍ෂාව සඳහා හේතු වන්නකි.

ශ්‍රී ලංකාවේ විශාලතම එසේ ම පැරැණිත ම ජාතික වනෝද්‍යානය වන විල්පත්තුව ජාතික වනෝද්‍යානය ද පෙබරවාරි 27 වැනි දින පාරිසරික හා ස්‌වාභාවික සම්පත් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ගේ අතින් විවෘත විය. ඉන් අනතුරුව විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුළ කළ සංචාරයකින් මේ ලිපිය සැකසෙයි.

(more…)


හෙළ දෙරණේ අභිමානය වෙනුවෙන් සැවොම එක්වෙමු.

ගෞරවනීය ස්වාමින් වහන්ස / හෙළ සොයුරු සොයුරියනි,

අප සැමගේ පවිත්‍ර අරමුණ හෙළ ඉතිහාසය, හෙළ රජ පරපුර සහ හෙළ සංස්කෘතිය වෙනුවෙන් පෙනීසිටීම නම්, මේ ඒ සදහා ගොඩනැගෙන කදිම තෝතැන්නයි. අපි ඔබේ සහයෝගය / සහභාගිත්වය ගෞරවයෙන් අපේක්ෂා කරමු. අන්තර්ජාලය තුළ අපි සැවොම එක්වෙමු. මහ බලයක් ගොඩනගමු. අරමුණට නායකත්වය දෙමු. අපි ඔබ සමගයි – ඔබ අප සමගද? අප සැමගේ පවිත්‍ර අරමුණ හෙළ ඉතිහාසය වෙනුවෙන් පෙනීසිටීම නම් මේ ඒ සදහා ගොඩනැගෙන වේදිකාවයි. එම වේදිකාව මත ඔබේ අසුන ඔබ එනතුරු බලාසිටී. එන්න අපි එකතුවෙමු.. හෙළ බලයක් ගොඩනගමු.! ඔබේ අනන්‍යතාවයට සුරක්ෂිත බවක් – අරමුණට නව ජවයක්.

සමගිය බලයවේ!

හෙළ ඉතිහාසය වෙනුවෙන් අන්තර්ජාලය තුළ වෙන් වෙන්ව ලොව දැනුවත් කරන අප සියලුදෙනා එක්විය යුතු කාලයයි මේ. එන්න, එකතු වී අපි බලයක් ගොඩනගමු!

අරමුණ වෙනුවෙන් එකතුවෙමු!

අපේ අරමුණ

  • අන්තර්ජාලය තුළ විසිරී පැතිරී සිටින හෙළ සොයුරු සොයුරියනි. මේ ඔබේ නවාතැනයි.
  • හෙළ ඉතිහාසයට පියනගමු
  • බෙදී වෙන්වුණු කාලය අවසන් කරමු

අරමුණ ජයගනිමු