හෙළ පරපුර

සමාජ

කිවුලේගෙදර පුංචි අලුත්බණ්‌ඩාර

පුලතිසිපුරයේ පහළ වූ මහ පැරකුම්බා රජුගේ පුරෝහිතයා ලෙස කටයුතු කළ කේවේසස්‌ථාන බණ්‌ඩාර සෘෂිතුමා කිවුලේ ගෙදර පරපුරේ ආදිතමයා ලෙස සලකනු ලබන අතර මෙතුමා රාවණා රජුගේ පුත්‍ර උපේන්ද්‍ර මිණි මණ්‌ඨක යුවරජුට දාව උපත ලැබීය. පසු කලෙක කේවේසස්‌ථාන රජු ලෙස කිරුළු පළඳින ලදී.

(more…)

Advertisements

හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක හාමුදුරුවෝ

විද්‍යෝදය පාරිවෙණික ශිෂ්‍ය සංගමයේ ප්‍රධාන ලේකම් අම්බලන්ගොඩ  සුමේධානන්ද හිමි

ශ්‍රී සුමංගල සමය මෙකල පවත්නා ශාස්ත්‍රීය දියුණුවේ මූලාරම්භයයි. මේ රටේ තිබුණු පැරැණි ග්‍රන්ථ සියල්ලක්ම පුස්කොළ පොත්ය. ඒවායේ පිටපත් තිබුණේ ස්වල්පයකි. මෙකල ප්‍රථමයෙන්ම කළ යුතු ශාස්ත්‍රීය සේවය වූයේ පුස්කොල පොත්වල තිබුණු ධර්ම ශාස්ත්‍රීය ග්‍රන්ථ මුද්‍රණය කරවීමයි. පසුව පුස්කොල පොත්වලට සන්න, ගැටපද, ව්‍යාඛ්‍යා ප්‍රදීපිකා, ටීකා ආදිය ලිවීමෙන් ඒ සේවය වඩාත් උසස් ලෙස සිදුකර ඒ යුගයේ සුමංගල මාහිමියෝ බාලාවතාරයට සුබෝධිනී ටීකාව සැපයීම , සිදත් සඟරා සන්නය, බ්‍රාහ්මණ ධර්මකාව්‍ය , කාව්‍යශේඛර සන්නස ආදී වැදගත් ග්‍රන්ථ රාශියකට සන්න සැපයූහ. මෙතුමන්ගේ සෙසු කෘති අතර වාර්ණරීතිය, මාසර්තු ලක්‍ෂණ, සත්‍ය සංග්‍රහය , සන්ධි ග්‍රහය, සීමා විභාගය, ආඛ්‍යාත ව්‍යාඛ්‍යාව ආදිය මේ යුගයේ සුමංගල මාහිමියන් එළිදැක්වූ ග්‍රන්ථ ය. (more…)


මානාවලෝකන – බෞද්ධ පරිණාම වාදය බටහිර “වානරයන්” නිරුවත් කරන ආකාරය ( දෙවැනි පියවර )..

Damith Kethaka – 29.07.2010

ඉහත පළමු කොටසේදී අප විසින් ඉතාම සැකෙවින් ඔබ වෙත ඉදිරිපත් කරන ලද්දේ, බටහිර ජීව විද්‍යාව විසින් ( එක්, එක් විදුදරයන් එකිනෙකට සියුම්ව හෝ පෘතුලව වෙනස් මත සිය ගණනක් දරනවා වුවත් ) පොදුවේ, මේ මොහොතේ, ඒ විද්‍යාර්ථීන් කවුරුත් පාහේ මැද තැනකටවුත් එකඟ වී සිටින පරිණාම වාදය පිළිබඳව මතයයි..

ඩාර්වින් වාදය බිඳ හෙළන්නට වෑයම් කරන්නෝ කවුරුන්ද?

චාර්ල්ස් ඩාර්වින්ගේ පරීක්ෂණ අනුසාරයෙන් බිහිවූ පරිණාමය පිළිබඳව ඩාර්වින් වාදයට පහර දී එය විනාශ කරන්නට වැර දරන්නෝ වත්මනේදී ප්‍රධාන කොට්ඨාශ දෙකක් ලෙස සැළකුව හොත් එහි වරදක් නැත..ඉන් පළමු කොටස වනුයේ, සර්ව මැවුම් වාදී මතවාදයන් වන “ක්‍රිස්තියානි හා ඉස්ලාම්” යන ඒක දේව වාදී දහම් ජය ග්‍රහණය කරවීම සඳහා ඉදිරිපත් වී සිටින උගතුන්ය. (more…)


මානාවලෝකන – බෞද්ධ පරිණාම වාදය බටහිර “වානරයන්” නිරුවත් කරන ආකාරය ( පළමු වැනි පියවර )..

Damith Kethaka : 2010-07-29

දිනය: 1845 වසරේ සැප්තැම්බර් මස 16 වැනි දින
ස්ථානය: කැරිබියන් කළාපයේ ඉක්වදෝර සීමාවේ ගැලෆගෝස් දූපත් පෙළෙහි ඇල්බර්මාලේ දූපත අසළ

කපිතාන් ෆිට්ස්‍රෝයි තම දුර දක්නයෙන් ඈත මුහුදු සීමාව නිරීක්ෂණය කරමින් සිටියේය..ඔහු අසළින් වැදගත් පෙනුමැති, මහත්මයෙකු ” HMS බීග්ල්” නෞකාවේ සොල්දර තට්ටුව මත ඒ මේ අත සක්මන් කරමින් සිටියේය..

“කපිතාන්, ඔබතුමා දැන් මොනව කරන්නද සැරසෙන්නේ?”

“මේ හරියේ සක්‍රීය ගිනි කඳු තියෙනවද කියෙන එක මුලින්ම පරීක්ෂා කරලා ඉන්න ඕන..එයින් පසුව තීරණයක් ගත හැකියි…ඔබට මොනවද වෙන්න ඕනෑ, ඩාර්වින් මහත්මයා? ”

(more…)